සිංහල, Batticaloa, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

මඩකලපුව ‛වාරඋරෙයිගල්’ පුවත් පතට නැවතත් බාධා – ‛‛මේවා කරන්නේ ඇමති හිස්බුල්ලා’’ වාරඋරෙයිගල් කර්තෘ කියයි

මඩකලපුව ප්‍රාදේශීය දමිළ පුවත්පතක් වන ‛වාරඋරෙයිගල්’ පුවත්පතට ප්‍රබල ඇමතිවරයෙකුගෙන් තර්ජනය එල්ලවී ඇතැයි වාර්තා වේ. එයට ආසන්නම සිදුවීම ලෙස පසුගිය 13වනදා එම පුවත්පත් කාර්යාලයට කඩා වැදුනු මැර පිරිසක් එයට පහරදී තිබේ.

2009 අප්‍රේල් මස ද එම පුවත්පත් කාර්යාලටත්, එහි කර්තෘ වරයාටත් කිසියම් පිරිසක් පහර දී තිබූ නමුත් එය සිදුකළේ කවුරුන්ද යන්නත්, හදුනාගත් අය පිළිබදව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බළධාරීන්ට තවමත් නොහැකිවී අැත.

කෙසේ වෙතත් නැවතත් මෙම පුවත්පතට පහරදීමට ප්‍රධානම හේතුව එම පුවත්පත මඩකලපුව ප්‍රදේශයේ දූෂණ හා වංචා පිළිබදව නිරන්තරයෙන්ම වාර්තා කරන නිසා බවත් මෙයට ප්‍රධාන ඇමතිවරයෙකු සම්බන්ධ බවත් එහි කර්තෘ වරයා පවසයි.

‛‛මේ සිද්ධිය උනේ 13දා, රෑ11 පස්සේ තමා මේ දේ උනේ. පොලිසිට මම ගියේ නෑ. එගොල්ලෝ මට විශ්වාස නෑ. මේක කරේ හිස්බුල්ලාගේ කටිටිය.’‛ ‛විකල්ප’ සමඟ වාරඋරෙයිගල් පුවත්පතේ කර්තෘ එම්. අයි. රහමතුල්ලා අදහස් දක්වමින් පවසා සිටියේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කර්තෘවරයා ‛‛2009 ත් අපිට පහර දුන්නා. ඒ පහරදීමට ආපු මැර පිරිසෙන් එක් අපි අයෙක් හඳුනා ගත්තා. ඒ බව පොලීසියටත් කිව්වා. දැන් එයාව අත්අඩංගුවට අරගෙන තියනවා කියලා පොලීසිය කියනවා. නමුත් මේ වනකන් එම අත්අඩංගුවට ගත් පුද්ගලයාව අධීකරණයට ඉදිරිපත් කරලා නෑ.’’

විශේෂයෙන් සිත්තාන්ඩි, කාත්තන්කුඩි වැනි ප්‍රදේශවල සමුපකාර අලෙවි සැල් වල පවතින් දූෂණයන් පිළිබඳවත් මෙම පුවත්පත දිගින් දිගටම වාර්තා කළ අතර, 2009 අප්‍රේල් මස 2වනදා මෙම පුවත්පතට එල්ලවූ ප්‍රහාරයෙන් කාර්යාලයට හානී සිදුවූ අතර එහි කර්තෘවරයා තුවාල ලැබුවේය. මේ පිළිබඳව ‛විකල්ව’ 2009 අප්‍රේල් 2වනදා වාර්තා කළේය.

2009 අප්‍රේල් මස එල්ලකළ ප්‍රහාරයේ ඡායාරූප