සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මරා දැමීමට පැහැර ගැනුනු පෝද්දල ජයන්තට අන්තර් ජාතික සම්මානයක්

2009 ජුනි 01 දින සිය නිවෙස බලා යමින් සිටියදී පැහැරගෙන ගොස් වධ හිංසා පමුනුවා මිය යාම පිණිස අතහැර දමා ගිය ප්‍රවීණ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා 2009 – 2010 වර්ෂය සඳහා වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් සුපිළිපන් ත්‍යාගයෙන් පුදනු ලැබ තිබේ.

ගවේශනාත්මක ජනමාධ්‍යවේදය අරභයා සම්මාන ලද පොද්දල ජයන්තට මෙම ත්‍යාග හිමි වන්නේ අවංකබාවය, පාරදෘශ්‍යබාවය සහ යහපාලනය යන ප්‍රතිපත්ති වෙනුවෙන් ඔහු විසින් පෙන්වන ලද කැපවීම උදෙසා ය.

මෙම ත්‍යාගය මෙම මස 12 දින බැංකොක් නුවරදී පැවැත්වෙන උත්සවයක දී පිරි නැමෙනු ඇත.

මාධ්‍යවේදී පොද්දල ජයන්ත පැහැර ගැනීම පිටුපස මැර හමුදා කල්ලි සිටි බවට චෝදනා එල්ල වූ අතර පොලීසිය පසුගිය අගොස්තු මාසයේ දී මෙම සාපරාධී අපරාධය පිළිබඳ පරීක්ෂණය නිල වශයෙන්ම නවතා දැමුවා ය.

දිගින් දිගටම එල්ල වූ තර්ජන හමූයේ රට හැර යාමට බල කෙරුණූ පෝද්දල ජයන්ත මහතා සිය බිරිඳ සහ දියණිය සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරයි.