Colombo, end of the War, Featured Articles, Features

බැන්කි මුන්ගේ කමිටුවට එරෙහි විරෝධය සාධාරණද?

බැන්කි මුන්ගේ කමිටුවට ලංකාවට පැමිණිමට එරෙහිව විවිධ පාර්ශවයකින් විරෝධතා එල්ලවේ. එහි එක් පාර්ශවයක් වන්නේ සිංහල ජාතිවාදි බලවේගයන්ය. මෙම සිංහල ජාතිවාදි බලවේග වලින් විරෝධය හැර වෙන දෙයක් බලාපොරොත්තුවීම සාධාරණ නැත. මක්නිසාද ඔවුන් වරුද්ධනොවී කරබාගෙන සිටීම සිය පැවැත්මට තර්ජනයක් වන බැවිනි. ඔවුන්ට සිය ජාතිවාදි පාක්ෂිකයින් සතුටු කිරීමටත් රැක ගැනිමත් සිදු කළ හැකි වන්නේ මෙමගිනි.

ප්‍රධාන වශයෙන්ම මෙම විරෝධතා දක්වන සිංහල ජාතිවාදි බලවේග වන්නේ විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමයයි. විමල් වීරවංශ විරෝධයක් නොදැක්වුවහොත් සිදුවන්නේ ඔහු ගලේ පහරන බළලාගේ භුමිකාවට අවතිර්ණවීමකි. මක්නිසාද ඔහු මීට ටික කලකට පෙර බැන් කි මුන්ගේ කමිටුවට විරුද්ධව ඉතා අසාර්ථක මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බැවිනි.

ජනතා විමුක්ති පෙරමුණ 88, 89 භිෂණ යුගය තුළ තම සගයින්ට මෙන්ම තමන් අතින් සෙස්සන්ට සිදුවු මානව හිමිකම් උල්ලංඝනයන් යටපත් කරන ආකාරයට මෙන්ම අමතක කරන ආකාරයටද කටයුතු කළහ. එබැවින් ඔවුන් පලකරන විරෝධය පුදුමයට කරුණක් නොවේ. බුද්ධ රාජ්‍යය තේමාව කරගත් ජාතික හෙළ උරුමය දක්වන විරෝධය ද හාස්‍යයට හේතු වේ.

ජාත්‍යයන්තර මානව හිම්කම් සංවිධාන කිහිපයක්ද මෙම කමිටුව ලංකාවට පැමිණිමේ තින්දුව ගැන නොසතුට පල කරයි. නමුත් මෙය කෙතරම්දුරට සාධාරණද? යුධ අපරාධ පිළිබද චෝදනා විභාග කිරිම කොතනකින් හෝ ඇරඹිය යුතුය. එයට අපක්ෂපාති මැදිහත්කරුවකුගේ සහය අනිවාර්‍යයෙන්ම ලබාගත යුතුය. ඒ නිසා බැන්කි මුන්ගේ කමුටුව ලංකාවට පැමිණිම එක් හොඳ ප්‍රවේශයකි. තවද මෙම සංවවිධාන කළයුත්තේ බැන්කි මුන්ගේ කමිටුවට ලංකාව තුළ විවිධ කණ්ඩායම් මුණගැසිමට අවකාශ සලසන ලෙස ලංකා රජයට බල කිරිමයි.

මෙම තත්වයන් තුළ ඉන්දිය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ද පවසා ඇත්තේ දෙමළ ජනතාවට රාජපක්ෂ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉෂ්ට නොවන බවයි. තවද ජනාධිපතිගේ අසාර්ථක ඔක්ස්ෆඩ් සංචාරය, බ්‍රතාන්‍යය ආරක්ෂක ලේකම් සිය ලංකා සංචාරය අත්හිටුවීම යන කරුණු වලින් පෙනි යන්නේ ආණ්ඩුව පිළිබද ජාත්‍යයන්තරයෙහි පවත්නා අප්‍රසාදයයි.

නමුත් මේ ආණ්ඩුව අපේය. ආණ්ඩුව පත්කලේ අපිය. එබැවින් අපිටද ජාතිවාදි නොවී බුද්ධිමත්ව කටයුතු කිරීමේ වගකිමක් ඇත.

හර්ෂි සි. පෙරේරා

pic by – www.srilankaguardian.org