Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Human Security, Kandy, Kilinochchi, Life quips, Matale, Moneragala, Pollonnaruwa

ගංවතුරෙන් දොළොස් ලක්ෂයක් පීඩා විඳියි. බිලිගත් ජීවිත ගණන 16 දක්වා ඉහළට.

අධික වර්ෂාව හේතුවෙන් ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක ජනතාව අවතැන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙහි දී ත්‍රිකුණාමලය, අම්පාර, වව්නියාව, මඩකලපුව, කිලිනොච්චි, මුලතිව් යන දිස්ත්‍රික්කයන් ගංවතුර ආපදාවෙන් ද අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කෑගල්ල, මන්නාරම, මොණරාගල යන දිස්ත්‍රික්කයන් අධික වර්ෂාවෙන් ද බදුල්ල, නුවරඑළිය, නුවර, මාතලේ යන දිස්ත්‍රික්කයන් නාය යෑමේ තර්ජනයෙන් ද පීඩා විඳින බව වාර්තා වේ.

මෙම ආපදා තත්වයෙන් පවුල් 300000, පුද්ගලයෝ 1200000 පමණ පීඩා විඳින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. විශේෂයෙන්ම මඩකලපු දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 91,000 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 3,12,899 ක් , වව්නියා දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 98,075 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1,92,484 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 3,33,266 ක් පීඩා විඳින බව වාර්තා වේ.

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ විවිධ ආපදා තත්වයන් නිසා නිවාස 2700 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 18860 ක් පමණ අර්ධ වශයෙන් හානියට පත් වී ඇත. අද (9) උදේ 9.30 වන විට වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 16 කි. පුද්ගලයන් 9 දෙනෙක් තුවාල ලබා ඇති අතර දෙදෙනෙක් අතුරුදහන් වී ඇත.

පීඩාවට පත් වූ වූවන්ට සහන සැලසීම සඳහා කඳවුරු 646 ක් පිහිටුවා ඇත. අවතැන් වූ පුද්ගලයන් 1,72, 535 ක් මෙම කඳවුරු වල වෙසෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.

පහත යොමුවෙන් දැක්වෙන්නේ ගංවතුර සහ වැසි තත්ත්වයන් ශ්‍රී ලංකාවට බලපා ඇති අන්දමයි
Flood-affected regions in February 2011 – Sri Lanka
By- www.groundviews.org