සිංහල, Democracy, Economic issues, Governance, Human Rights, Matara

ජනාධිපතිවරයාගේ කාල්ටන් නිවස අසල බැංකු සේවක විරෝධයක් – ‛‛ඇතුලෙන් ගල්මුල් ආවොත් අපිට කරන්න දෙයක් නෑ’’ – පොලීසිය

රාජ්‍ය බැංකු සඳහා 2008 වසරේ සිට යෝජනා කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය ලබා දීම පිළිබදව නිශ්චිත එකඟතාවයක් නොමැති නිසා එයට විරුද්ධව අද(10) ජනාධිපතිවරයාගේ, තංගල්ල ‘කාල්ටන්’ නිවස ඉදිරිපිට සංකේත විරෝධතාවයක් පවැත්වූ බැංකු සේවකයින්, පොලීසිය විසින් මීට සුලු වේලාවකට පෙර ඉවත් කර ඇතැයි වාර්තා වේ.

බැංකු සේවකයින් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වූ මෙම විරෝධතාවයට පොලිසිය පැමිණ ‛‛මහත්තුරු කරුණාකරලා මෙතනින් ඉවත්වෙන්න. ඇතුලෙන් ගල්මුල් ඇතුලෙන් ආවොත් අපිට කරන්න දෙයක් නෑ’’ යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර ඉන්පසු එම විරෝධතාකරුවන් තංගල්ල නගරයට පැමිණ මේ වන විටත් විරෝධතාවයේ යෙදෙන බව වාර්තා වෙයි.

‛‛මෙම විරෝධතාවය අද දවසේ කෑම පැයේදී සෑම දිස්ත්‍රික්කයකම සිදුවන බවත්, හෙට දිනයේදී සෑම දිස්ත්‍රික්කයකම වරුවක් පමණ වැඩ වර්ජනය කරන බවත්’’ ලංකා බැංකු සේවකයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ‛විකල්ප’ වෙත ප්‍රකාශ කර සිටියේ ය.

ඡායාරෑප – රිෂී – තංගල්ල – (Photos by Mobile Phone)