සිංහල, Democracy, Human Rights, Human Security, Kandy, Life quips, Peace and reconciliation

මහනුවර, හන්තාන වත්තේ හදිසි මෙහෙයුමක්….

             මහනුවර, හන්තාන වත්තේ, පසුගිය(29)දා හදිසි මෙහෙයුමක් සිදුකොට දමිළ වැසියන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ බව අනන්‍යතාවය හෙළිකිරීමට කැමති නැති ප්‍රදේශවාසියෙක් ‛‛විකල්ප’’ සමග පැවසීය.  ඔවුන් පවසන්නේ මෙහි දී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියේ ලියාපදිංචි නොවූ අය බවයි. නමුත් එසේ ලියාපදිංචි නොවු පිරිස අතර බහුතරයක් දෙනා විදේශගතවී සහ වෙනත් ප්‍රදේශවලින් තම නෑදැයින් මුණ ගැසීමට(අත්අඩංගුවට ගත් දිනට ආසන්න දිනවලදී) පැමිණි අය බව ප්‍රදේශවාසින් පැවසීය.
             තවද එම අත්අඩංගුවට ගත් අය අතර යාපනයේ පදිංචිව සිට,  සන්නද්ධ කණ්ඩායම්වලට බියෙන් පලා තරුණයෙකු ද වන බවත් පොලීසිය එම තරුණයා දින 21 රඳවා තබා ගෙන පසුව නිදහස් කළ බවත් ‛‛විකල්ප’’ වෙත දැනගන්නට තිබේ. එසේ නිදහස් කරමින් පොලිසිය පවසා ඇත්තේ දින 15ක් තුළ යාපනයේ තමා පදිංචි ග්‍රාමනිළධාරි වසමට අදාල, ග්‍රාම නිළධාරීගෙන් සහතිකයක් රැගෙන එන ලෙසයි. සන්නද්ධ කණ්ඩායම්වලයට බියෙන් යාපනයෙන් පළා ආ තරුණයා නැවත යාපනයට ගොස් වාර්තාවක් රැගෙන එන්නේ කෙසේ ද එම තරුණයාගේ නෑදැයෝ විමසා සිටියි.  තව ද එසේ සහතිකයක් නොමැතිව වත්තේ සිටීමෙන් පොලීසිය විසින් නැවත එම තරුණයා අත්අඩංගුවට ගනී වී යැයි බියක් පවතින බව ප්‍රදේශවාසීන් පැවසීය. මේ පිළිබඳ මහනුවර පොලීසියෙන් විස්තර විමසීමට උත්සහ කළද එය ව්‍යවර්ත විය.