සිංහල, Democracy, Human Rights, Media

2008 වසරෙදී මාධ්‍යවේදින් 125 දෙනෙකු සිපිරිගෙට

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනි සිටින ස්වාධීන ආයතනයක් වන සෙන්ටර් ෆො ප්‍රොටෙක්ට් ජර්නලිස්ට් (සී.පී.ජේ) ආයතනය මඟින් පැවැත්වූ නවතම සංගණනයට අනුව 2008 වසරේ දෙසැම්බර් 1 වන දිනට රටවල් 29 කදී මාධ්‍යවේදීන් 125 දෙනෙකු සිරගතකොට ඇත. මෙම ප්‍රමාණය 2007 වසරට සාපේක්ෂව දෙදෙනෙකුගේ අඩුවීමකි. පිටපිටම 10 වන වසරටත් ලොව වැඩිම මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් සිරගත කොට සිටින රට ලෙස චීනය ඉදිරියෙන් සිටින අතර කියුබාව,බුරුමය,එරිත්‍රියාව හා උස්බෙකිස්තානය පිළිවෙලින් මාධ්‍යවේදින් සිරගතකොට ඇති රටවල් 29 අතරේ ප්‍රථම ස්ථාන පහට ඇතුලත් අනෙක් රටවල්වේ. ශ්‍රි ලංකාව 8 වන ස්ථානයේ පසුවන අතර එහි සිරගත කොට ඇති මාධ්‍යවේදින් සංඛ්‍යාව 3 ලෙස එම වාර්ථාවේ දැක්වේ.

එම වාර්ථාව මඟින් පෙන්වා ඇති පරිදි සිරගතකොට සිටින මාධ්‍යවේදින්ගෙන් 56 දෙනෙකු අන්තර්ජාල මාධ්‍යවේදීන් වන අතර 53 දෙනෙකු මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයට අයිතිය. ඉතිරි අය රූපවාහිණි, ගුවන් විදුලි හා වාර්ථා චිත්‍රපට මාධ්‍යවේදීන් ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව 2008 වසරේදී මෙතෙක් කලක් ලොව වැඩිම ප්‍රමාණයක් සිරගතවිම් වාර්ථා වූ මුද්‍රිත මාධ්‍ය අංශයට වඩා අන්තර්ජාල මාධ්‍ය ක්ෂේත්‍රය ඉදිරියට පැමිණ ඇත.

මෙම වාර්ථාව අනුව මාධ්‍යවේදින් සිරගත කොට සිටින රටවල් හා ප්‍රමාණයන් මෙසේයි.
ඇෆ්ගනිස්ථානය 1,ආර්මේනියාව 1, අසර්බයිජානය 5, බංගලිදේශය 1, බුරුමය 14 , බුරුන්ඩි 1 , කැමරූන් 2, චීනය 28, කියුබාව 21, කොන්ගෝ ජනරජය 2, ඉක්වදෝරය 1, ඊජිප්තුව 1 , එරිත්‍රියාව 13 ,ඉතියෝපියාව 2, ගැම්බියාව 1, ඉරානය 5 , ඉරාකයේ ඇමෙරිකානු අත්අඩංගුවේ 1, ඉරාකයේ කුර්දිස් අත්අඩංගුවේ 1, ඊශ්‍රායලයේ පලස්තීන ප්‍රදේශ තුල 4 , අයිවරි කොස්ට් 1, මාලදිවයින් 1, පීරූ 2, පිලිපීනය 1, රුසියාව 2 , සෙනගල් 1, සිංගප්පූරුව 1, ශ්‍රී ලංකාව 3 , උස්බෙකිස්ථානය 6 , වියට්නාමය 2