සිංහල, Human Rights, Kilinochchi, Peace and reconciliation

රජයේ ආධාර සරණාගතයින්ට ප්‍රමාණවත් නැහැ

වන්නියේ වව්නියාවේ සහා මන්නාරමේ අවතැන් වුවන් වෙනුවෙන් හැකිනම් අධාර ලබාදෙන ලෙස මෙම දිස්ත්‍රික්කයන් හී දිසාපතිවරු රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉල්ලීමක් කරතිබේ. තම අනන්‍යතාවය හෙළි කිරිමට අකමැතිවූ මානූෂීය අධාර සංවිධානයක සාමාජිකයන් පිරිසක් පැවසූවේ රජයෙන් ලබාදෙන සහනාධාර මේවන විට අවතැන්වී සිටින ප්‍රමාණයට කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවයි. මෙම නිසා අදාල දිස්ත්‍රික්කයන් හී දිසාපතිවරුන්ට මෙම ඉල්ලීම කිරිමට සිදුවූ බවයි. දැනට වව්නියාවේ හා මන්නාරමේ කඳවුරු වල සිටින අවතැන්වූවන්ට ලෝක ආහාර වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැබෙන අතර එම ප්‍රමාණයද ප්‍රමාණවත් නැති නිසා තවත් පාර්ශවයන් ගේ සහාය ලබා ගැනීමට සිදුවන බව එම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු පවසා සිටියාය. තත්ත්වය මෙසේ උවත් රජයේ ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රමුඛ විමල් වීරවංශ හා හෙළ උරුමය රාජ්‍ය නොවන සංවිධාන පැන්නිය යුතු බවටත් ඒවා එලවා දමා ඇතිබවටත් දිගින් දිගටම ප්‍රචාරය කරන්නේ දකුණේ ජනතාව නොමග යැවීමට බවත් එම මානව හිමිකම් ක්‍රියාකාරිකයා ප්‍රකාශ කර සිටියාය.