සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Pollonnaruwa

මිලිටරි පුහුණුව: මින්නේරිය කඳවුරේ සිසුවියන්ට නිරුවත් ජවනිකා පෙන්වලා

ආණ්ඩුව විසින් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට හමුදා කඳවුරුවල පවත්වන නායකත්ව පුහුණුවට සිසු සිසුවියන් විලි බිය සිඳලීමේ අංගයන්ද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ. මින්නේරිය හමුදා කඳවුරේ දී 04 වන සෙනසුරාදා රාත‍්‍රියේ පැවැති ප්‍රසංගයකට නිරූපිකාවන් පරිසක් ගෙන්වා ඇති අතර ඔවුන් ලවා සිසු සිසුවියන් ඉදිරියේ සිය සියලූම ශරීර අවයව ප‍්‍රදර්ශනය කරමින් සිදු කරන රංගනයක්ද ඉදිරිපත් කරවා ලංකා ටෲත් වෙබ් අඩවිය ඊයේ[5] වාර්තා කළේය.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ, එම නිරූපිකාවන් විටෙක අඩ නිරුවතින්ද, විටෙක නිරුවතින්ද කළ රංගනය හේතුවෙන් එම ප්‍රසංගයට සහභාගී වූ ශිෂ්‍යාවන් විශාල අපහසුතාවයකට පත්වූ බවද වාර්තා වේ.

මෙම රැඟුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශකයෙකු පවසා ඇත්තේ පෞරුෂ සම්පන්න නායිකාවන් වීමට හා ඉහළ සංස්කෘතියක් සහිත කාන්තාවන් වීමට නම් මෙවැනි අනඟ රැඟුම් සඳහා සරසවි සිසුවියන් පුරුදු පුහුණු විය යුතු බවයි.

මේ අනුව ඉදිරියේ දී තමන්ට ද මෙවැනි රංගනයක ප‍්‍රායෝගිකව පෙනී සිටීමට බලකරනු ඇතැයි එම ශිෂ්‍යාවන් විශාල බියකින් පසු වන බවද වාර්තා වේ.

මෙම වැඩසටහන සරසවි සිසුන් සඳහා යෝජනා කළ ‍දේශපාලන බලවතාට එක්තරා වකවානුවකදී ක්‍රීඩිකාවන්ට බලපෑම් කළ බවට චෝදනා එල්ල වී තිබුණු අතර ලෝක රෑ රැජිණියන් බිහිකරන රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා පුහුණු කඳවුරු පැවැත්වීමටද ඔහු සූදානම් වූ බව රහසක් නොවේ.

උපුටා ගැනීම – http://www.lankatruth.com/sin/index.php/news/local-news/11268-2011-06-05-13-59-00