සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ආසියාවේ ආශ්චර්ය -‛‛ කැළණියේ චන්ඩියාත්, දේශපාලකයාත් මමයි’’

‛‛මම මෙහේ සංවිධායක සහ ඇමතිවරයා. තමුසෙලා දැන ගන්ඩ ඕන මංත්‍රීවරයා හම්බ වෙන්ඩ. ඒක එක එක්කෙනාට වොයිස් කට් දෙන්නයි එක එක දේවල් කරන්නයි මං ඉන්නකන් මේකේ බෑ. කිසි කතාවක් නෑ. පැත්ත පලාතේ ආවොත් අඬු කඩනවා. පලයං යන්න. දැන් කතා කරන්න බෑ. හු.. පු… වහපං කට. පලයං යන්න.’’

මෙසේ කියමින් මහින්ද රජපක්ෂ ආණ්ඩුවේ අමත්‍ය මර්වින් සිල්වා මහජන සම්බන්ධතා අමාත්‍ය වරයා විසින් කැළනිය ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට දී එම විදුහලෙ ආදි ශිෂ්‍යයෙකු වන ලොකු මංගල නොහොත් ජී. ටී. එස්. මංගල මහතාට පසුගියදා මෙසේ පහර දී තිබේ.

මෙම පහරකෑමට ලක්ව ඇත්තේ එම විදුහලේ සංවර්ධනය සදහා අලෙවි කළ ලොතරුයි පත් වංචාවක් පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදීය. ‛‛මං මෙහේ චන්ඩීන්ගෙන් ඡන්ද බලාපොරොත්තු වෙන්නේ නෑ. මට චන්ඩි ඇත්තෙත් නැහැ. මෙහෙ චන්ඩියත්, මම දේශපාලකයාත් මම, ඇමතිවරයාත් මම, මංත්‍රිවරයාත් මම. අතු නැ, මෙහේ ගස් විතරයි’’ යනුවෙන් පහර දීමෙන් පසුව අමාත්‍යවරයා පවසා ඇත.

එසේම මෙම ලොතරුයි පත්වල සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවත්, මෙහීදී මෙම ලොතරුයියේ විශාල මුදල් ප්‍රමාණයක් වංචාකර ඇති බවට එම දූෂණයට එරෙහිව ක්‍රියාකරන ආදි ශිෂයන් පවසයි. එම දූෂනයට එරෙහිව කටයුතු කරන ලොකු මංගල ඇතුලු ආදි ශිෂයන් නිසා එය යටපත් කිරීම සදහා මර්වින් සිල්වා ඇමතිවරයා සම්බන්ධ වී ඇති බවත් පැවසේ.

කෙසේ නමුත් මෙම පහර කෑමට සම්බන්ධ පුද්ගලයා කලක් මර්වින් සිල්වා ඇමතිවරයාගේ සමීපතමයෙක් යැයි පැවසේ. නමුත් වංචාක්, දූෂණයක් කුමක් හෝ සම්බන්ධයෙන් කෙනෙකු ප්‍රශ්න කිරීමේදී ඔහුට පහරදීමට ඇමතිවරයෙකුට තියා කුමන අයෙකුට හෝ අයිතියක් තිබේද? මෙවැනි තිරිසන් හැසිරීම් නීතියටත් පෙනෙන්නෙ නැත. එවන් දේට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේද නැත. එම නිසා මෙවන් හැසිරීම් සිදු කරන ඇමතිවරැන් මෙවන් දේ සිදු කරන්නට බිය වන්නේ ද නැත.

මෙවන් මානව විරෝධී ක්‍රියාවන් මෙම ඇමතිවරයා විසින් සිදු කරන ලද පළමු අවස්ථාව ද මෙය නොවේ. පසුගිය කාලය පුරාම මර්වින් අමතිවරයා විසින් මෙසේ හැසීරී තිබේ. නමුත් තවමත් ඔහු ආණ්ඩුවේ ඇමතිවරයෙකි. දැන් ආසියාවේ ආශ්චර්ය බවට ලංකාව පත්කරමු යැයි වහසි බස් දොඩවන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ මැරහැසිරීම ගැන ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? එසේම යුද අපරාධ සහ මානව හිමිකම් කෙලෙසීම් කිසිවක් සිදු නොවන සහ සිදු නොවූ බව ලෝකයට කියා පාන ආණ්ඩුව ඒ සදහා චිත්‍රපටද නිර්මාණය කරන ආණ්ඩුව මෙය මානව හිමිකම් කෙලෙසීමක් ලෙස නොගන්නේද?

මේ පාදඩ ක්‍රියාවලීන් නැවත නැවතත් කියා පාන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරමය. වංචා සහ දූෂණ පිළිබදව ආණ්ඩුවක් කටයුතු කරන පිළිවෙතය. මානව හමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ජනයාට භුක්ති විදීමට සලස්වන අකාරය ය. දැන් ඇත්තටම අසියාවේ ආශ්චර්ය මහින්ද චින්තනය වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සාමජයක දැක ගත නොහැකි අන්දමේ මෙවැනි මානව හිමිකම් කෙළෙසීම් තුළින්ය.

දැන් මහින්දටත්, මර්වින්ටත් ඡන්දය දුන් ජනයාට ෆුල් ආතල්ය. ඉන්පසු මහින්ද හෝ චින්තනයේ කවුරු හෝ මර්වින් හෝ තමන්ටත් කනේ පාරක් දුන් විට ඒ අතල් කුඩු වී සිහිය එන විට සියලු දේ සිදු වී හමාර වී ඇත.

පහතින් දැක්වෙන්නේ එම සිදුවීම ඇතුලත් වීඩියේ දර්ශනය සහ පසුගිය කාලයේ මර්වින්ගේ මැරකම් කියාපන වීඩියෝ දර්ශණයි.

[youtube]http://www.youtube.com/watch?v=vp5EN8drnQQ&feature=share[/youtube]

Mervyn’s Story
[youtube]http://www.youtube.com/watch?v=YYXmdGAwt74[/youtube]

‛‛කැළනි ගොනා කුලප්පුවෙයි’’ action againist Mervyn – for Uhana(Ampara) Protest

”Tie Mervyn to a Tree” Samurdhi Officers