Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Media

‘වෙළදපොළ බිද වැටේ, ආණ්ඩුව නිද වදී‘ – මැනිං ‍වෙළද සංගමය(Photos)

අද(14) කොළඹ කොටුව ඉදිරිපිටදී නැවත වරක් විශාල ජනතාවක් රජය හදුන්වා දුන් එළවලු කූඩවලට විරෝධය දැක්වීමට මේ වනවිටත් එක්වී සිටියි. කොටුව දුම්රියපොල ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරැවක් වසා ගනිමින් මෙම ‍පිරිස උද්ඝෝෂණයේ නිරත වන අතර මෙය වෙනස් නොකළහොත් ගිණි තබා ගන්නා බවට ඇතැම් වෙළෙදුන් ප්‍රකාශ කරමින් සිටියි. මේ අතර මේ ප්‍රශ්ණය විසදීම සදහා ජනාධිපතිවරයා මැදිහත් වන බවත් එම සාකච්ඡාව අද සවස 4ට ලබා දීමට නියමිත බවමත් එම වෙළෙද සංගමය පවසයි.

කෙසේ නමුත් වෙළදුන් පවසන්නේ ‘ අපේ අයම අපටම අරි…. කියලා අපිට තේරැනේ දැනුයි‘ යනුවෙන් ද ප්‍රකාශ කරමින් රජයේ මාධ්‍ය ආයතනවලට එතැනට පැමිණීමට ඉඩ නොදනෙ තත්වයක්ද උද්ගත වෙමින් පවතී.

‘මහත්තයා යන්න. අපිට ඔයාලගේ මාධ්‍ය වැඩක් නෑ‘ යනුවෙන් අද දහවල් ස්වර්ණවාහිණී ආයතනයේ මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට වෙළෙදුන් ක්‍රියාකරන අයුරැ දක්නට ලැබූ අතර ඒ සම්බන්ධයෙන් වළෙදුන් පවසන්නේ රජයේ මාධ්‍ය ආයතන මෙන් ස්වර්ණවාහීනියත් බොරැ ප්‍රවෘත්ති පලකර ඇති බවය.

මේ අද දහවල් ලබා ගත් ඡායාරෑප