සිංහල, Democracy, Gampaha, Governance, Life quips, Peace and reconciliation, Poems

පෙබරවාරි ඇස් බැඳලනු

පෙබරවාරි ඇස් බැඳලනු
—————————————

පුම්බා බඩ ගෙම්බා ලෙස

මයික් කටින් බෙරිහන් දෙනු

කරමල රතුකර පරලව

කැමරා අභියස රඟ දෙනු
……………………..

ලියනු කියනු හිතනු දකිනු

එහෙයි කියනු ඊට නටනු

කට ගැස්මට තුන පහ ලුනු

ජාතිය ආගම වළඳනු
……………………..

මතට තිත තබා යහමට

ජන මනසට අබිං කවනු

ඇති පදමට රටම කකා

කඳ පණුවන් සේ තරවෙනු
……………………..

ආපහු ගොස් අතීතයට

ජාතකයක් හොයාන එනු

නෑ සිය සහ පිරිවර ගෙන

අම්බරු ජන කරේ නගිනු
……………………..

හතුරු දමිළ මස් වළඳා

ලේ රස නිදහස සමරනු

ඒ මදි නම් නැවත වරක්

ත්‍රස්තවාදියෝ කැඳවනු
……………………..

දේශ ප්‍රේමි රෙදි පටියෙන්

පෙබරවාරි ඇස් බැඳ ලනු

බටහිර හුළඟක් පෙන්වා

කෙටි ආ යුෂ දික්කර ගනු
……………………..

ඝාතන භීෂණ හිංසන

දවසින් දවසම වපුරනු

සැක බිය දුක වෙර ඇතිහැම

කුප්ප සභ්‍ය රටක් කරනු
……………………..

උදය ආර්. තෙන්නකෝන්[Udaya R. Tennakoon]