සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Stories from the silent

අහිංසකයන්ගේ ආරාමය – අතුරුදහන්වූවන්ගේ මතකය බුල්ඩෝසර් කිරීම[Video]

අහිංසකයින්ගේ ආරාමය ගොඩනගන්නේ 1988/89 කාලවලදී අතුරැදහන් කරන ලද සහ ඝාතනය කරන ලද වූවන් සිහිවීම සදහායි. බත්තරමුල්ල, දියවන්නාව අසල ගොඩනගන මෙම අහිංසකයින්ගේ ආරාමයට එවකට පොදු පෙරමුණු ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම වතමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විශාල සහයෝගයක් ලබා දෙයි. සහයෝගයෙන් නොනැවතී මෙහි සංවිධාන කටයුතු කරනු ලැබූ අතුරැදහන් වූවන්ගේ මාපිය දූ දරැ සංවිධානය සමග එක්ව එම ස්මාරකය අබියස අතුරැදහන් වූවන් සිහි කිරීමට ද එක් වෙයි.

නමුත් පසුගිය කාලය පුරාම වල් වැදී තිබූ මෙම අහිංසකයින්ගේ ආරාමය නැවත ප්‍රතිසංස්කරනය කිරීමට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හෝ එවකට අතුරැදහන් වුවන් වෙනුවෙන් කදුලු සැලූ කිසිවෙකුත් උනන්දු වූයේ නැත. ඉන් පසු මෙම අහිංසකයින්ගේ ආරාමයේ බුල්ඩෝසර් වන්නේ අතුරැදහන් වූවන්ගේ මතකය සදහා ඉතිරිව තිබූ එකම සිහිවටනයත් පොලවට සමතලා කරමිනි.

මේ, මානව හිමිකම් පිළිබදව උදම් අනන වර්තමාන ආණ්ඩුවේ කාලයේම සිදු වූ මෙම ඛේදවාචකය පිළිබදව, අතුරැදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, ශාන්ත ඩී පතිරණ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවයි

Ahinsakainge Aramaya – Bulldozing the Memory of the Disappeared from Sampath Samarakoon on Vimeo.