සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් දැඩි අනතුරක[Video]

විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත් කර ඇතැයි අද(20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය සංවිධාන, නීතිඥ සංවිධාන, වෘත්තීය සමිති නියෝජිතයින් පැවසීය. වි‍ශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගනිමින් පසුගිය දින කිහිපය පුරාම ඉතාම කෘෘර සහ වෛරී සහගත ප්‍රචාරයන් ගෙන යමින් බොහෝ අවස්ථාවන් හී පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරයන් ගෙන යමින් සිටින බව එහි දී ප්‍රකාශ විය.

මේ පහත දක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය සහ ලංකා ගුරැ සංගමය විසින් පැවැත්වූ එම මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ සටහනයි.

[youtube]http://www.youtube.com/watch?v=5Y47J0qXJt8[/youtube]