සිංහල, Colombo, Democracy, Life quips, Poems

අලුත් අවුරුදු හීනය

සිහින කන්දරාවක බර දරනු නොහැකිව
සිත් මලුව එක්වරම පිපිරී
ස්වස්තික හීනයක්
කවියකට වැස්සක්ව ඇද හැලෙයිග

නැහැය මුල කෙටි රැවුල වෙනුවට
උඩු රැවුල වවාගත් හිට්ලර්
නිල් බලකාය අතරත්
රතු හමුදාව අතරත්
එක විටම සැරිසරයිග

එක තැනම කරකැවෙන රුපියලේ කාසියක
නෝන පැත්තෙත්
පොල්ල පැත්තෙත්
උඩු රැවුල කරකවන
හිට්ලර්
යටිකුරුව හීනයට හීනියට හිනැහෙනග

නිල් පැහැය අහසටම එපා වෙයිග
කොළ පැහැය ගහ වැලට එපා වෙයිග
රතු පැහැය ලේ වලට එපා වෙයිග
හීනයට හිට්ලර් ම හිනාවෙයිග

අලුත් අවුරුද්දට
අලුතින් දකින හීනය
කෙතරම් සියුමැලිදරෑ

පැරණි හිතකට උරුම ඇති මා
කෙතරම් දරදඬුදරෑ

මංජුල වෙඩිවර්ධන
2009 දෙසැ 30