ආදරණීයන්ගේ මතකයන්

අතුරුදහන් වූවන්ගේ ඥාතීහු, අතුරුදහන් වූ තම ආදරණීයයන් නැවත ගෙදර එනතුරු බලා සිටිති. ඔවුන් තම ජීවිතයේ සෑම මිනිත්තුවක්ම ගතකරමින් සිටින්නේ විශ්වාසය සහ තමාට අහිමි වූ තම ආදරණීයයන්ගේ මතකය සමඟිනි. නොයෙකුත් කරදර, බාධක මැද තම ආදරණීයන් සිහිපත් කරමින්, ඔවුන් පාවිච්චිකළ බඩු බාහිරාදිය ආරක්ෂා කර ගනිමින්, ඔවුන් ඇසුරු කරමින්, ඔවුන් සමඟ ජීවත් වීමට ඔවුහු උත්සහා කරමින් සිටිති. මෙම වෙබ් අන්තර්ගතය, එම ආරක්ෂා කරගත් නොයෙකුත් දේ සහ ඒවා පිටුපස ඇති අති-සංවේදී තත්ත්වයන් සමඟ නිර්මාණය කරන ලද අනුස්මරණයකි.

By Selvaraja Rajasegar

ශ්‍රී ලංකාව ලෝකයේ දෙවෙනියට වැඩිම අතුරුදහන් කිරීම් සිදු වූ රටයි. කෙසේ වෙතත්, පුද්ගලයන් දහස් ගණනකගේ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් විධිමත් ලේඛනගත වාර්තා කිසිවක් නොමැත. 30 වසරක යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව ද, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා රජය අතර දකුණේ ඇති වූ ගැටුම්වලදී ද දස දහස් ගණනක් අතුරුදහන් වූ බවට වාර්තා වී ඇත. ආණ්ඩු විසින් විවිධ කොමිෂන් සභා පිහිටුවුව ද, මෙතෙක් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට යුක්තිය ළගා කර දීමට මෙතෙක් ලංකාවේ බලයට පැමිණි කිසිදු පාලකයෙක් සමත්ව නැත.

2009 යුද්ධය අවසන් වීමෙන් පසු, යුක්තිය නොලැබ - තම ආදරණීයන්ට සිදුවූයේ කුමක්දැයි නොදැන අතුරුදහන් වූවන්ගේ ඥාතීහු 200 කට වැඩි ගණනක් මියගොස් ඇත. ඔවුන්ගේ වියෝවන් සමඟ යුක්තිය උදෙසා වන ඔවුන්ගේ සටන ද අවසන් විය. අතුරුදහන් වූ තම ඥාතීන්ට යුක්තිය ලබා ගැනීම සඳහා බලයේ සිටින්නන්ට බලපෑම් කරමින් උද්ඝෝෂණවලට සහභාගී වූ සිය ගණනක් දෙනාට ආර්ථික අභියෝග, රෝගාබාධ, පවුලේ තත්වයන් සහ ආරක්ෂක අංශවල මෙන්ම විමර්ෂණය කරන්නන්ගේ කෲරත්වය හේතුවෙන් යුක්තිය උදෙසා වන තම අරගලය අඛණ්ඩව කරගෙන යාමට විශාල බාධාවක් වී ඇත.

එබැවින්, යුක්තිය කෙරෙහි වන ඔවුන්ගේ අරගලය අඛණ්ඩව කරගෙන යාමට සහ අතුරුදහන් වූවන්ගේ මතකයන් නොනැසී තබා ගැනීමට මෙම අන්තර්ජාල අනුස්මරණ වේදිකාව නිර්මාණය කර ඇත.

එසේම, රට තුළ පවතින සහ ඉදිරියට ගෙන ඒමට නියමිත නීති හරහා මිනිසුන්ගේ රැස්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ස්මරණය කිරීමේ නිදහස ප්‍රතික්ෂේප කරමින් ඇත. මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට එකතු වී ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යාමට නොහැකි විය හැකිය. ඒ අනුව, මෙම අවකාශය ඔවුන්ගේ හඬට, ඔවුන්ව සිහිපත් කිරීමට සහ අරගලය අඛණ්ඩව කරගෙන යාමට ඉඩප්‍රස්ථාවක් සළසා දෙන අතර, මෙය සත්‍ය සහ යුක්තිය උදෙසා වන ඔවුන්ගේ අනවරත අරගලයට සහයක් වනු ඇත.