සිංහල, Colombo, Democracy, Governance

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජෙනරාල් සරත් ෆොන්සේකා

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද (29) උදෑසන කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.
‛‛ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදයේ 31 වන වගන්තිය ප්‍රකාරව 2010 ජනවාරි 26 වන දින පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ පිළිගත් නීතියට අනුකූලව, ලියාපදිංචි ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් තුළින් ‛‛ හංසයා’’ ලකුනින් මා ජනාධිපති අපේක්ෂකයා ලෙෂ ඉදිරිපත් වන බව ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙයින් ප්‍රකාශ කරමි’’ යනු වෙන් සිය තීරණය ජෙනරාල්වරයා විසින් දැනුම් දෙනු ලැබිණි.
තමා ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් මෙරටේ ප්‍රජතන්ත්‍රවාදය ඇතිකොට, වංචාව දුෂණය සහමුලින්ම ඉවත් කරන බවත්, සුළු ජාතීන්ගේ ගැටළුවට දේශපාලනික වශයෙන් පිළිතුරක් ලබාදෙන බවත් එම පිළිතුර බෙහෝ විට 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය එකක් වන්නට ඉඩ ඇති බවත් ප්‍රකාශ කලා.
‛‛ ඔබ සැමට මතක ඇති මම හමුදාපතිවරයා වශයෙන් සිටින කාලයේ ( මා වසර 4 කට ටිකක් අඩු කාලයක් රාජකාරියේ යෙදී සිටියා) මම පොරොන්දු දෙකක් දුන්නා. පළවෙනි පොරොන්දුව මගෙන් පසුව මෙම යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට ඉතිරි නොකරන බව. මම ඒ පොරොන්දුව අකුරටම ඉෂ්ට කළා. දෙවෙනි පොරොන්දුව පසු ගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ මම කළ ප්‍රකාශය. එහිදී මම ප්‍රකාශ කළා මීට මතු ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී නායකයාට නැවතත් මහාවීර දිනයක් අමතන්න මම ඉඩතියන්නේ නෑ කියලා. ඒ පොරොන්දුවත් මම අකුරටම ඉෂ්ට කළා. මේ නොවැම්බර් මාසයේ 27 වෙනිදට යෙදිලා තිබුණ ඒ ප්‍රභාකරන්ගේ මහා වීර කතාව ඔබට අහන්න හම්බවුනේ නෑ. ඔබට මම මෙයින් පවසා සිටින්නේ මම දුන්න පොරොන්දු අකුරටම ඉෂ්ට කරන පුද්ගලයෙක් හැටියට කරුණාකරලා මාව හඳුනාගන්නා හැටියටයි.’’ යනුවෙන් ප්‍රකාශ කළ ජෙනරාල්වරයා තමන් ජනාධිපතිවරණය සඳහා දෙන පොරොන්දුද එලෙසම ඉටුකරන බවය.
තමා ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් මාස හයක් ඇතුලත විධායක ජනාධිපති තනතුර අහෝසිකර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කරන බවත්, දේශපාලනයේදි තමාට අත්දැකිම් නොමැති නිසා අත් දැකීම් ඇති තම පෙරමුණේ අනෙකුත් පරිණත දේශපාලකයින්ගෙන් උපදේස් හා අදහස් ලබාගන්නා බවත් ප්‍රකාශ කර සිටියා.