lasa 220

‘මේ පරීක්ෂණවලනිනුත් අපිට දක්නට තිබෙන්නේ ප්‍ර‍ධාන වශයෙන් නම් කියැවුනු සිද්ධීන් දෙකක් පමණයි, විශේෂයෙන් විමර්ශනය වෙනවා කියලා තේරෙන්නේ. ඒ ලසන්ත වික්‍ර‍තුංග ඝාතනය සහ ප්‍ර‍ගීත් එක්ණැළිගොඩ අතුරුදහන් කිරීම, නමුත් ඒවායේත් පරීක්ෂණ තත්ත්ව පිළිබදවත් ඒ තරම් සෑහීමකට පත්වෙන්න බැහැ. ප්‍ර‍ගීත්ගේ පරීක්ෂණයේ යම්තාක් දුරකට අපි වේගවත් භාවයක් දැකලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඒ පරීක්ෂණ කරලා, එකපාරට ඒක නැවතිලා තියනවා. කොහේ හරි බලපෑමක් තියනවා කියලා අපිට පේනවා. ලසන්ත ඝාතනය පිළිබදවත් එහෙමයි. මොකද දෙකටම යුදහමුදාව සම්බන්ධයි කියන කාරණයත් එක්ක තමයි මේක වෙන්නේ කියලා අපි හිතනවා. නමුත් අපි හිතනවා තරාතිරම කුමක් වුවත් ඒ පිරිස් නීතිය හමුවට ගෙනල්ලා දඩුවම් කරන්න ඕන’

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ, සභාපති ලසන්ත රුහුණගේ ‘විකල්ප‘ වෙබ් අඩවිය හා විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

පහතින් පළවන්නේ ලසන්ත රුහුණගේ සමග සිදුකළ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහනයි.

විශේෂයෙන් ජනමාධ්‍ය හා සම්බන්ධව ‘දඩුවම් නොලැබ ගැලවී සිටීමේ සංස්කෘතිය’ අවසන් කළ යුතු බවට ජාත්‍යන්තර ව සාකච්ඡාවට ලක්වෙමින් පවතින්නේ අද(02) ඒ සදහා ජාත්‍යන්තර දිනයක් ලෙස එක්සත් ජාතීන් විසින් ප්‍ර‍කාශයට පත් කරමින්, එය International Day to End Impunity for Crimes against Journalists(A/RES/68/163) ලෙසයි එක්සත් ජාතීන් විසින් හදුන්වා තිබෙන්නේ. ඒ දිනය නිමිත්තෙන් ‘විකල්ප‘ වෙබ් අඩවිය සිදුකරන විශේෂ පළකිරීම් වෙනුවෙන් අදහස් දැක්වීමට එක්වූ ලසන්ත රුහුණගේ මහතාගෙන් අප තවදුරටත් විමසා සිටියේ උතුරු සහ නැගෙණහිර දෙමළ භාෂාවෙන් සිය මාධ්‍ය මෙහෙවර කළ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් සහ මාධ්‍ය ආයතනවලට එල්ල කරන ලද ප්‍ර‍හාරයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවක් පෙනේනනට නැහැ නේද? යනුවෙනි. ඒ පිළිබදව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ‘උදයන් පුවත්පත් ආයතනයට පහුගිය කාලයේ කොච්චර තර්ජනයට ලක්වෙන්න සිදුඋනාද? ඔවුන්ගේ ආයතනය ඇතුලට ඇවිල්ලා කී පාරක් වෙඩි තිබ්බද? ඔවුන්ගේ සේවකයෝ කොච්චර ඝාතනය කරාද? මේ කිසිදු සිදුවීමක් පිළිබද විමර්ශණ ලංකාවේ පොලීසිය නැතිනම් විමර්ශන කණ්ඩායම් තවම ආරම්භ කරලා නෑ.‘

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ, ජනප්‍රියව කියවෙච්ච ජාත්‍යන්තර වශයෙන් යම් ලෙසකින් බලපෑම් කළ සිදුවීම් පමණක් නොවෙයි සමස්ථයක් ලෙස ලංකාවේ ජනමාධ්‍යට එල්ලකරල ලද මර්දනයට වගකිවයුත්තන් පිළිබද පරීක්ෂණ කර ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බවයි.