දඹුලු ගලත් දුටුවා
දඹුලු ගලත් දුටුවා
දිනය 2007 ජුලි 23 වැනිදාය. වේලාව පෙරවරු 10.00ට පමණය. අපි දඹුල්ල නගරයේ උතුරු දෙසට දිවෙන ප්‍රධාන මාවතේ වාහනයකින් ගමන් කරමින් සිටියෙමු. අප ගමන් කළ වාහනය ඉදිරියෙන් තවත් වෑන් රථයක් (අංක EP GY 7585) ඒ දෙසටම ගමන් කරමින් තිබිණි. හදිසියේම අපගේ පිටුපසින් වාහන කිහිපයක නලා හඞ ඇසෙන්නට විය. එම හඞ ළඟ ළඟම එද්දී අපගේ වාහනයේ රියදුරා තම වාහනය පාරේ වම් අයිනෙන් ධාවනය කිීමට උනන්දු විය. අප දුටුවේ කිසියම් දේශපාලන ප්‍රභූවරයෙකු ගත් වාහන පේලියක් අපගේ වාහනය පසුකරගෙන ඉදිරියට යමින් සිටි ආකාරයයි. අප ඉදිරියෙන් වූ වාහනයේ රියැදුරාට අපට මෙන් තම වාහනය පාරේ අයිනට ගන්නට නොහැකි වූයේ එම අයිනේ වීල් රථයක් ධාවනය වෙමින් තිබූ බැවිනි. ඔහු වීල් රථය පසුකර වාහනය පාරේ අයිනට ගනිත්ම පිටුපසින් පැමිණි වාහන පෙළපාලිය අප පසුකර ඉදිරියට ඇදී ගියේය. ඉන් අවසානයට පැමිණි අංක 252-6559 දරණ අංකය සහිත ඩබල් කැබ් රථය එම වාහනයට හරස් කපා පාර හරහා නවත්වනු ලැබිණි. ඉන් බිමට බැසගත් අත්කොට කමිස සහ කලිසම් හැඳ සිටි පුද්ගලයන් දෙදෙනෙකු ක්ෂණයකින් වෑන් රථයේ රියදුරැ වෙත පහර දුන්හ.(ඔවුන් දෙදෙනා ප්‍රභූ ආරක්ෂකයන් යැයි සිතන්නට පුළුවන.)
එක් පුද්ගලයකු තම ඉණෙහි තිබූ පිස්තෝලයක් වැනි ගිනි අවියක් එළියට ගෙන එයින්ද රියදුරුට පහර දුන්නේය. මේ සිදුවිම සිදුවූයේ දඹුල්ල නගර මධ්‍යයේ බොහෝ දෙනෙකු බලා සිටියදීය. තම සිතැඟි පරිදි රියදුරාට පහර දුන් පුද්ගලයෝ අනතුරුව එම වාහනයේ නැගී දේශපාලන ප්‍රභූවරයා රැගත් රථ ගමන් කළ දිශාවට ගමන් කළහ.
සිදුවූ සිද්ධිය පිළිබඳව විමසා බැලූ කල පහර කෑ පුද්ගලයා කුණාමල පෙදෙසේ ෙදමළ රියැදුරෙකි. එම වාහනය කුණාමලයේ සිට මහනුවර බලා පැමිණ නැවත කුණාමලය වෙත ගමන් කරමින් තිබූවකි.
මේ සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කරන ලෙස කරන ලද ඉල්ලීම පහර කෑ පුද්ගලයා ප්‍රතික්ෂේප කළේ තමන් තවදුරටත් අමාරුවේ වැටීමට සූදානම් නැති බව කියමිනි.
මේ සිද්ධිය හමාර වි අප ඉදිරියට ගමන් කරද්දී දුටුවේ නගරය කෙළවරේ වූ ස්ථානයක පැවති උත්සව භූමියක දේශපාලන ප්‍රභූවරයා රැගෙන පැමිණි වාහන නවතා තිබූ ආකාරය සහ ප්‍රහාරකයන්ද උත්සව භූමියේ නිදැල්ලේ ගැවසෙමින් සිටින ආකාරයයි.
මෙම සිද්ධිය මගින් පුරවැසියන් වෙත ලැබෙන පණිවුඩ කිහිපයකි.
පළමුවැන්න - තමන් ප්‍රජාතන්තවාදී ලෙස පත් කරනු ලබන ආණ්ඩුවක මහජන නියෝජිතයන්ගේ හැසිරීම තම ජනතාවටම පීඩාකාරී බවට පත්ව ඇති බව.
දෙවැන්න - සුළු අතපසුවිමකදී පවා පුරවැසියන්ට පහර දීමට තරම් දේශපාලන බලයේ උඩඟු බව වර්ධනය වී ඇති බව.
තුන්වැන්න - දේශපාලන නායකයන් පවා තම ආරක්ෂකයන්ට හිතුමතේ පීඩාකාරී ලෙස හැසිරීමට අවස්ථාව සලසා දී එයට නිහඞ අනුමැතියක් ප්‍රකාශ කරන බව.
සිව්වැන්න - සුළුතර ජාතීන්ට අයත් පුරවැසියන් කෙරෙහි වූ හිංසාකාරී ආකල්පය.
පස්වැන්න - පුරවැසියන්ට නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව.
සයවැන්න - දේශපාලන බලය විසින් නීතිය මෙහෙයවනු ලබන බවට ඇති පුළුල් පිළිගැනිම.
සත්වැන්න - නීතිය පවා ජන පීඩක කාර්යයක යෙදැවෙනු ලැබෙනු ඇතැයි යන බිය.
මේ සියල්ල සමස්ත සමාජ බිඳවැටීමක ලක්ෂණ සහ සංඥාවන්ය. මේ සිද්ධිය සුළු එකක් විය හැක. එහෙත් එය සුථ කොට සලකා ඉවත දැමිය හැකිද? අද දවසේ අප පුරවැසියන් ලෙස නැගිය යුතු ප්‍රශ්නය එයයි.
රවි චන්ලාල්
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008
sasha said,
this is a common occurrence in the country, you need not go that far this happens in Colombo too, is this rally national security one would question, however we will have to live with this until idiots are in power this is a great start Ravi.
Chandrakantha said,
Ravi Chandralal,
Why you are warried so much? It had happen neither to you or anyone close to you.
COMMEN CITIZEN
Vikalpa_N said,
ෙපාඩිකාෙල් ඉඳන්ම අෙප් අම්මලා තාත්තලා අපට ඉගැන්නුෙව් කාට වුණත් අසාධාරණයක් වුෙණාත් ඒ්ක තමන්ට වුණා ව ෙග් සලකන්න කියලයි. මම දකුෙණ් සිංහල බෞද්ධ ෙයක්. ඒ් නිසා ෙලා්ෙක කාටවුණත් අසාධාරණයක් ෙවනවා දැක්කහම අපට උණුෙවනවා.
රවි.
Chandrakantha said,
Ravi,
It seems to me that my comment has not been clearly understood. The real problem is that our society is sleeping over rights and duties not only of oneself but also socitial.Somthing has to be done immediately.
Chandrakantha
RSS feed for comments on this post · TrackBack URI


