සිංහල, Galle, Life quips, Poems

සරත් සමය

සරත් සමය එළඹෙයි
රතී කෙළි අලුත්වෙයි
මේ ආදරවන්තයන් එක්වන සමයයි
එක් සෙනෙහෙබර ස්පර්ශයෙන්
තරුණියන්ගේ පියයුරු
කිති කැවෙයි

සරත් සමයේ නවතම ආලෝකයන් සමඟ
පිටිසර පෙදෙස පෙම්වතුන්ට තෝතැන්නක් වේ

ඉතා ඉහළ ආකාසේ
හදිසියේ සියොතුන් රංචු ගැසී
සෘතුවේ සලකුණු ගෙන එයි
උණුසුම් වා තලය, දිවාකල දික්වී
තණබිම් වල එළිය විසිරෙයි

තණ නිල්ල තුරුලතා
අසීමිතව වැසි වැසී යයි
සරත් සමයේ
අපමණ පලවැලින් පිරී
වනාන්තර, ගොවිබිම් හා මිටියාවත්
සරත් සෘතුවේ නැවුම් පස
ප්‍රාණය දෙයි අසීමිත නිදහසකට…..

බර්ටොල් බ්‍රෙෂ්ට්
පරිවර්තනය – ලක්ෂ්මන් ජයසේකර