සිංහල, Colombo, Human Rights

මානව (?) හිමිකම් දිනය 2007…..

hrd-pic.jpg
අද ලෝක මානව හිමිකම් දිනයයි. වර්ෂ එක්දාහස් හත්සීය ගනන් වලදී මැග්නකාටා සම්මුතිය ලෙසින් එංගලන්තයේ ජෝන් රජුට එරෙහිව ඇමෙරිකානු රදලයින් විසින් ඇතිකරගත් ගිවිසුම ලෝක මානව හිමිකම් පිළිබඳ ආරම්භක ප්‍රකාශනය නැතිනම් උප්පැන්නය ලෙස සැළකේ. පසුකාළීනව විවිධ වෙනස්කම් වලට භාජනය වූ මෙම ලියවිල්ල දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේම වෙසෙන ජනයා සුරක්ෂිත කරන විශ්ව ප්‍රකාශණයක් ලෙස එළිදැක්වුනා. එක්සත් ජාතීන්ගේ සංගමය හරහා ලොව සියළු රටවල් මෙම ප්‍රකාශනය පිළිගත්තද බොහෝ රටවල පාලකයින් එය තම රටේ හෝ වෙනත් රටක් තුළදී උල්ලංඝනය කරමින් සිටිනවා.
මෙවර මානව හිමිකම් දිනය වනවිට ලංකාවේ මානව හිමිකම් හී තත්වය වෙන කවරදාකටත් වඩා පිරිහී ඇතිබව කිවයුතුය. හතරවන ඊළාම් යුද්ධයත් සමග අතුරුදන්වීම්,පැහැරගැනීම්,ඝාතන මෙන්ම බුරුතුපිටින් අත්අඩංගුවට ගැනීම් සාමාන්‍ය දේ බවට පත්වී ඇත. යුද්ධය හේතුවෙන් කොළඹට පළාවිත් සිටින ද්‍රවිඩ ජනයා මානව හිමිකම් උල්ලංඝනයන්ගේ ප්‍රධාන ගොදුරු බවට පත්වී ඇත. වරක් තොගපිටින් අත්අඩංගුවට ගෙන වව්නියාවට ඔවුන්ව පිටමන් කළ අතර තවත් වරක් තොග පිටින් අත්අඩංගුවට ගෙන කඳවුරුවලට ගාල්කරනු ලැබුවා. විවිධ පරීක්ෂාකිරීම් මෙන්ම සැකකිරීම් නිසා ඔවුන්ට සිදුවන පීඩාවන්ගෙන්ද ඔවුන් නිතර පීඩාවිදී. අනෙක් අතින් උතුරේ ජීවත් වන ලක්ෂ 6 පමණ ජනතාවක් යුද්ධය හේතුවෙන් අවතැන්ව සිටී. යුධ වැදී සිටින දෙපාර්ෂවයේම ප්‍රහාරයන් නිසා තුවාලවන හා මියයන සාමාන්‍ය ජනයාගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. යුද්ධයට අමතරව නිවසේ, මහමග, කාර්‍යාලයන්හී, බස් රථයේ, දුම්රියේ
වැනි සියළු තැන් මෙරට මානව හිමිකම් කඩවන ස්ථානබවට පත්වී ඇත. ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පොළීසියද මානව හිමිකම් උල්ලංඝනය වන ප්‍රධානම ආයතනයක් ලෙස හඳුනාගෙන තිබීමෙන්ම මෙරට මානව හිමිකම් පිළිබඳ තත්ත්වයේ යථාර්තය ඕනෑම කෙනෙකුට පැහැදිළිවනු ඇත. එහෙයින් ලංකාව තුළ මානව හිමිකම් යනු හුදුලියවිල්ලක් පමණකි.

මානව හිමිකම් දිනයද තවත් එක් දිනයකි මන්ද අපට මානව හිමිකම් යනු අපේ මිස අනෙකාගේ එකක් නොවන නිසාය

. ජර්මන් ජාතික යුදෙව් කවියෙකු වු මාර්ටින් නිමොලර්ගේ කවියකින් මෙම ලිපිය අවසන් කරනු කැමැත්තෙමි.

හිටිලර්ගේ ඒකාධිපති වියරුව
දෙවන ලෝක යුද්ධ සමයේ සියළු මිනිසුන්ට එරෙහිව ඝාතනයන් කරන විට

පළමුව
නයිට්වරු මරණව

දෙවනුව
ක්‍රිස්තියානීන් මරණව

තෙවනුව
කොමියුනිස්ට්වරු මරණව……

මට එ කිසිවක් ඒ තරමට වැදගත්කමක් ලෙස දැනුනේ නෑ. ඒ මම නයිට්වරයෙක්වත්, ක්‍රිස්තියන්වරයෙක්වත්,කොමියුනිස්ට්වරයෙක්වත් නොවන නිසාය. මට ඔවුන්ගේ මළගම කිසිවිටකත් හදවතට දැණුනේ නෑ. මම ඔවුන්ගේ මිලේච්ඡ ක්‍රියාවන්වලට කිසිවිටෙකත් විරෝධය දැක්වූයේත් නැහැ.

ඉන් පසුව ඔවුන් යුදෙව්වන් මරණ්නට පටන් ගත්තා………

………. එදා තමයි මට දැණුනේ මට එරෙහිවත් හිට්ලර්ගේ අධිපතිවාදය ක්‍රියාත්මක වෙනව කියලා නමුත් ඒ වන විට මම සහා මගේ මිනිසුන් මැරීමට එරෙහිව විරෝධය දක්වන්නටවත්, මා වෙනුවෙන් හඬන්නටවත් කිසිවෙකු ඉතිරීවී සිටියේ නැහැ.

මගේ ඇස් පෑදුනේ ඒ, ඒ මරණයම, ඒ උණ්ඩයම, මාවත් සොයා ආ විටයි

ඒ නිසා, අද මම ප්‍රකාශ කරනවා ලෝකයේ කොතැනක හෝ සිදුවෙන මිලෙච්ඡ ඝාතනයන් සහා යුද්ධයන් වලට මිහිපිට සිටින සෑම මිනිසෙක්ම විරුද්ධ විය යුතුයි කියලා

මාර්ටින් නීමෝලර්
ජර්මන් යුදෙව් ජාතිකයෙක්

රම්ෙප