iMAGE: Tamil Gurdian

සංස්කාරක සටහන : පසුගියදා මුලතිවූ ගුරුකන්ද විහාරයේ විහාරාධිපතිව සිට අපවත් වූ පූජ්‍ය කොළඹ මෙිධාලංකාර හිමිගේ සිරුර අධිකරණ නියෝග නොතකමින් නීරාවියඩි  පිල්ලෙයාර් කෝවිල් භුමියේ  ආදාහනය කිරීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන්  ‘සහජීවනය සඳහා  වන යාපනය ජනතා සංසදය’ (Jaffna People’s Forum for Coexistence ) විසින් නිකුත් කරන ලද ප්‍රකාශය පහතින් පළ කරමු. 

###

ගතවූ සතියේ මුලතිවු, නීරාවියඩි ප‍්‍රදේශයෙහි අතිවූ සිද්ධිය පිළිබඳව සහජීවනය සඳහා වන යාපනයේ මහජන සංසදය දකින්නේ කනගාටුදායක සිද්ධියක් හැටියටයි. අපේ‍්‍රල් ප‍්‍රහාරයට පසුව ලංකාවෙහි ආගම් අතර සමගිය තව තවත් දුර්වල වෙමින් තිබෙයි. මෙවන් තත්ත්වයක් යටතේ නිරාවියඩි ප‍්‍රදේශයෙහි ඇතිවූ සිද්ධිය ජාතින් අතර සහ ආගම් අතර සහජීවනය තව තවත් පරිහානිය කරා ගෙන යනු ඇත. මෙම රටෙහි වාසය කරන ප‍්‍රජාවන් තුළ එකිනෙකාට උපකාරිව සිටිය හැකි සංවාදයන් ඉදිරියට ගෙන යෑම තුළින් ඉදිරියෙහිදි මෙවන් සිදුවීමි ඇතිවීම වැළැක්වීමේ වගකීම අප සතුය.

පසුගිය සැප්තැමිබර් මස 23 වන දින බොදු බල සේනාවේ  පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමි ඇතුළත් භික්‍ෂුන් වහන්සේලාගේ නායකත්වයෙන් යුතු පිරිසක් ගුරුකන්ද විහාරයේ විහාරාධිපතිව සිට අපවත් වූ පූජ්‍ය කොළඹ මෙිධාලංකාර හිමිගේ සිරුර නීරාවිඩිහි භූමිදානය කළේ අධිකරණයේ නියෝග නොතකමින්ය. ආදාහන කටයුතු සිදු කළ ස්ථානය ප‍්‍රදේශයෙහි වාසය කරන ජනතාව නීරාවියඩි පිල්ලෙයාර් කෝවිලට හිමි ස්ථානයක් ලෙසින් සලකයි. එහෙයින් පූජ්‍ය කොළඹ මෙිධාලංකාර හිමිගේ සිරුර තමන් කෝවිලට අයිති යැයි සිතන ස්ථානයෙහි ආදාහනය කිරීම පිළිබඳව එම ජනතාව එරෙහි විය. එමෙන්ම මළ සිරුර එම ප‍්‍රශ්නකාරි ස්ථානයට බැහැරින් අධිකරණය විසින් පෙන්වා දෙනු ලැබූ වෙනත් ස්ථානයක ආදාහනය කිරීමට නියෝග කෙරෙන නියෝගයක් ද එම ජනතාව ලබා ගෙන සිටියේය. මෙම අදිකරණ නියෝගය උල්ලංඝණය කරමින් කටයුතු කළ අයට එරෙහි පොලීසිය කිසිම ක‍්‍රියාමාර්ගයක් නොගත්තේය. එමෙන්ම අධිකරණ නියෝගය ක‍්‍රියාත්මක කළ යුතුය යනුවෙන් කටයුතු කළ අයට අධිකරණ නියෝගය උල්ලංඝණය කළ අය විසින් කරන ලද පහරදීම වැළැක්වීමටත් පොලීසිය කිසිම ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැත.

යුද්ධය අවසන් වූ පසුව නිරාවියඩි පිල්ලෙයාර් කෝවිලට අයත් ප‍්‍රදේශයෙහි දැන් ඉදි කර ඇති ගුරුකන්ද රජමහ විහාරය ඉදිකිරීමට ප‍්‍රදේශවාසි හින්දු ජනතාව විරෝධය පළ කළ අවස්ථාවෙහි එම ස්ථානයෙහි වසර 2000කට පෙර දාගැබක් පිහිටා තිබූ බව පවසා නව විහාරය ඉදිකිරීම පුරා විද්‍යා දෙපාර්තමෙින්තුව විසින් යුක්ති සහගත කළේය .නමුත් මතභේදයට තුඩු දී ඇති ස්ථානය අයත් මරිතිමෙපත්තු  ප‍්‍රාදේශිය සභාව (Maritimepattu D.S. Division) නිරාවියඩි පිල්ලෙයාර් කෝවිල පිහිටි භූමියෙහි කිසිම බෞද්ධ සිද්ධස්ථානයක් පිහිටා නොතිබුණු බවත් එම ප‍්‍රදේශයෙහි කිසිම බෞද්ධයෙක් වාසය නොකරන බවත් නිරීක්ෂණය කොට තිබේ.  ජාතිය සහ ආගම මත පදනමිව මෙම භූමියට තරගකාරී අයුරින් අයිතිවාසිකමි කියන තත්ත්වයක් තුළ මෙම ප‍්‍රශ්නයට විසදුම ඉතාමත් කල්පනාකාරිවත් මිත‍්‍රශ‍්‍රිලිවත් එමෙන්ම සැබෑ සාධක මතත් ලබා විය යුතුය. තව ද මෙම ප‍්‍රශ්නයට විසදුමි භූමි ප‍්‍රදේශය පදනමි කරගෙන ප‍්‍රජාවන් බැහැර නොකෙරෙන අයුරින් ද ප‍්‍රජාවන් ධ‍්‍රැවීකරණයට ලක් කෙරෙන අයුරින් ඉතිහාසය භාවිත නොකෙරෙන අයුරින් ද විසදිය යුතුය.

ආධිපත්‍යමය චින්තනයෙන් යුතු දේශපාලකයන් විසින් ද ආගම්වාදි මනෝභාවයන්ගෙන් යුතු සමහර භික්‍ෂුන් විසින් ද ඉදිරියට ගනු ලබන න්‍යාය පත‍්‍රවලට අනුව මෙම රටෙහිද විශේෂයෙන්ම රටෙහි උතුරු සහ නැගෙනහිර පළාත්වල ද ඉතිහාසය දේශපාලනීකරණය කරනු ලබන ක‍්‍රියාමාර්ගවල රටෙහි පුරාවිද්‍යා දෙපාර්තමෙින්තුව ගතවූ දශක කීපය තුළ කටයුතු කරමින් තිබෙන බව සහජීවනය සදඟා වන යාපනය ජනතා සංසදය සඳහන් කර සිටියි. සුළුතරයෙහි ජනතාව අධික ලෙසින් වාසය කරන ප‍්‍රදේශවල දැනට පවතින ජාතින් සහ ආගම් සමඟ සමිබන්ධ යථාර්ථයන් සහ සත්‍යයන් බැහැර කරමින් එම ප‍්‍රදේශයෙහි කාල ක‍්‍රමයෙන් ඇතිවූ දේශපාලන සහ සංස්කෘතික වෙනස්කම් ගණන් නොගනිමින් ද මෙම රජයේ  දෙපාර්තමෙින්තුව ක‍්‍රියා කරමින් තිබේ.

වසර දෙදහකට වඩා ඈතට විහිදෙන මෙම රටෙහි ඉතිහාසය විවිධ වූ දේශපාලන සමිබන්ධතා සහ ඇදහීම් සහිතවූ ද විවිධ ප‍්‍රදේශමය වාසස්ථාන සහිත වූ ද විවිධ වූ ප‍්‍රජාවන්ගේ ස්ථානමය වෙනස්වීමි සහිත වූ ද එකක්ය යන්න සහජීවනය සඳහා වූ යාපනය ජනතා සංසදය අවධාරණය කර සිටියි. ඉතිහාසඥයන් විසින් ගෙනහැර දක්වන්නා සේ අපගේ ඉතිහාසයන් එකිනෙක එකට බැඳී ඇති මිශ‍්‍ර වී ඇති ඒවාය. නව දේශපාලන උත්සහයන් වෙනුවෙන් මෙම සශ‍්‍රික ඉතිහාසය පැහැදිළි කිරීමෙහිදි අපි එක් ප‍්‍රජාවක් තවත් ප‍්‍රජාවකට එරෙහිව ඉදිරිපත් කිරීමෙහි සංස්කෘතින් එකකට අනෙක ඉහළින් තැබීම ද ජාතියක් තවත් ජාතියකට පසුපසින් තැබීමත් ආගම් අතරෙහි වන බැදීමි ලිහා දැමීමත් වෙනස්කමි සහ බෙදීමිවලට ප‍්‍රමුඛතාව ලබාදීමත් ඉතාමත් විනාශකාරි තත්ත්වයකට අපව රැගෙන යනු ඇත.

ආගම, ජාතිය සහ භාෂාව පදනම් කරගත් විවිධත්වයන් ද සංස්කෘතින්ගේ සහ ප‍්‍රජාවන්ගේ සහජීවනය සඳහා වන ක‍්‍රියාමාර්ගයන්ට තර්ජනයක් වන රජයේ ක‍්‍රියාමාර්ග පිළිබඳව අපි අපේ බලවත් විරෝධය ප‍්‍රකාශ කරන අතර අපේ අනාගත ක‍්‍රියාමාර්ග මෙම රටෙහි මෙන්ම එක් එක් පළාත්වල ඉතිහාසයන් ද සංස්කෘතින් ද භාෂාවන් ද ආගමික විශ්වාසයන් සමඟ  බැඳී පවතින බවට වන යථාර්ථය පිළිගෙන සිදු කෙරන ලෙසට සහතික වෙමු. අපගේ සමාජ සහ දේශපාලන උත්සහයන්හිදී සහජීවනයට වැදගත් තැනක් දීමට අපි අදිටන් කර ගනිමු. සහජීවනය සඳහා වන යාපනය ජනතා සංසදය එකිනෙක මුසුව පවතින විවිධතත්වයෙන්  යුතු අපේ අතීත කාලයෙහි ශක්තිය හඳුනාගෙන ගෙන එය පිළිගන්නා අතර ජාතිය සහ ආගම පදනමි කරගත් ගැටුම්වලට සංවාදයෙන් විසදුම් ලබා ගැනීමේ උත්සහයන් සඳහා සහ අපගේ විවිධත්වය පිළිගන්නා ඉතිහාසයට නැවතත් අයිතිවාසිකම් කියන උත්සහයන් වෙනුවෙන් ආරාධනය කර සිටින්නෙමු.

සහජීවනය සඳහා  වන යාපනය ජනතා සංසදය
යාපනය

ප්‍රකාශය දෙමළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් කියවිමට පිවිසෙන්න.