සිංහල, Colombo, Democracy, Human Rights

දෙසැම්බර් 10 – ලෝක මානව හිමිකම් දිනය

vikalpax.jpg

අද ලෝක මානව හිමිකම් දිනයයි. මෙවර මානව හිමිකම් දිනය කාරණා දෙකක් නිසා විශේෂ වන්නේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ 60 වන සංවත්සරය හා ශ්‍රී ලංකාවට නිදහස ලැබී 60 හැට වසරක් ගතවීම එම විශේෂත්වයන් දෙකයි. එහෙත් මෙම වසරේදී අන්කවරදාකටත් වඩා මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චෝදනා ලබාසිටී. රජයේ හමුදා,එල්ටීටීඊ සංවිධානය මෙන්ම අතුරු සන්නද්ධ හමුදා විසින්ද යුද්ධයට මුවාවී හිතු හිතු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරමින් සිටින්නේ බහුතර ජනයාගේ ආශිර්වාදය ද ඇතු වය.

මහදවල් ජනාකීර්ණ මවත් තුළදී මිනිසුන් පැහැරගැනිම්ද, ඝාතනය කිරීම් මෙන්ම පහර දීම්ද සිදුවෙයි. මාධ්‍යවේදීන් 12 දෙනෙක් හා සහන සේවකයින් 60 දෙනෙකු පමණ ඝාතනය කර තිබේ. ඝාතනය වී ඇති හා පැහැරගෙන ගොස් ඇති සිවිල් වැසියන්ගේ ප්‍රමාණය දහස් ගණනකි.අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙන්ම නිදහස් අදහස් දැරීමේ අවස්ථාද අහිමිකර තිබේ. මෙහි ප්‍රථිපලයක් ලෙස මානව හිමිකම් කඩකෙරෙන රටවල් අතර ප්‍රමඛස්තානයක් මෙරටට හිමිවේ.
මෙවර අප මානව හිමිකම් දිනය සමරන්නේ මෙවන් පසුබිමක් තුළය.