සිංහල, Colombo, Democracy, Media

පෙනෙන නොපෙනෙන, දැනෙන නොදැනෙන මාධ්‍ය මර්ධනයට එරෙහි වෙමු

ශ්‍රී ලංකා කතෘ සංසදය, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදින්ගේ සංසදය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය යන මාධ්‍ය සංවිධාන හත විසින් මාධ්‍ය මර්ධනයට හා පුවත්පත් මණ්ඩලයට එරෙහිව සම්මන්ත්‍රණයක් අද (29) කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදි පවත්වනු ලැබුවා. එහිදී පුවත්පත් මණ්ඩලය නැවත පනගැන්විමට එරෙහිව ජනාධිපතිවරයාට බාරදීම සඳහා සංදේශයක් ද මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ විසින් අත්සන් තබනු ලැබූවා.
එහිදී අදහස් දැක්වූ මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම විපක්ෂ නායකයාද අවධාරණය කරනු ලැබුවේ පවතින දැඩි මර්ධනයට විරුද්ධව සාමූහිකව ක්‍රියාකළ යුතු බවයි.