සිංහල, Corruption, Democracy, Kurunegala

ඡන්ද පෙට්ටි 2 ක් සමග නාවික හමුදා වාහනය කුරුණෑගල දී අත් අඩංගුවට

නාවික හමුදාවට අයත් නා.හ 6284 දරණ රථය ඡන්ද පෙටිටි දෙකක් ප්‍රවාහනය කරමින් සිටියදී අද කුරුණෑගල දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේ වාහනයේ සිටි නිළ අඳුම්හැඳගත් නාවික භටයන්ද අත්අඩංගුවට ගත්බව පොලිසිය කියා සිටියා.
අප මේ පිළිබදව කුරුණෑගල පොලීසියෙන් විමසූවිට එසේ අත්අඩංගුවට ගැනීමක් සිදුවූ බවත් ඒ පිළිබදව වැඩි විස්තර පසුව දන්වන බව ප්‍රකාශ කරන ලදී.