සිංහල

අමතකව ගිය කවියක් …

Kalady Bridge
මඩකළපු සඳ
කොළඹට පෙනෙනවද
සඳ ගෙනෙන කවිපද
සවනට ඇසෙනවද

මෙ කල්ලඩි පාළම
තුරුණුය තවම නිහඩය
යනෙන වාහන එළි
මුනිවත බිඳින අරුමය

ගීත අමතක වුණ
මීන කැළ තැන තැන
කළපු රළ ගෙන එන
ශෝක පද මුමුණන

සඳවතට මතකද
කොළඹ ගිය හදවත
කිඹුළු ඇල කෙළවර
කඳුළු නොසැලුව නෙත

සමනොල කන්ද කොතැනද
කරුණා කරන්නට
ඉරිමා හිමිදිරක
සිරිපා සිඹින්නට

නවෝදය දොරකඩ
සදා ගනඳුර ම ද
සඳේ එළි බිඳකුදු
බෙදා ගත නො හැකි ද ….

මංජුල වෙඩිවර්ධන

ඉකුත් සැප්තැම්බර් 29දා කල්ලඩ් පාලම පාමුලදී සිවරාම් සිහිවී ලියවුනු කවියකි.ඔහුගේ ඝාතනය පිළිබද සංවාදය අද කොළඹට අමතකවී යාම පිලිබදව මෙයින් ප්‍රශ්න කෙරේ.