පිංවත් සංඝයා වහන්ස.. ප්‍රථමයෙන්ම දෙසරණය සමාදන් වන්න

නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ..

නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස

නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස

#

බුද්ධං සරණං ගච්ඡාමි

ධම්මං සරණං ගච්ඡාමි

|

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමී

දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

|

තථියම්පි බුද්ධං සරණං ගච්ඡිම්

තථියම්පි ධම්මං සරණං ගච්ඡාමි

|

පංසිල් පද පහ නොකියන්න

බුදු දහමේ එන කිසිදු වචනයක්

ගාථාවක් සූත්‍රයක්

හිතාමතා හෝ වැරදීමකින් හෝ

ඔබලාගේ කටින් පිට නොකරන්න

එය ඔබලා ද

ඔබලා මගෙහි යන

සත්වයින්ට අකැප බව මෙනෙහි කර ගන්න

|

එහෙම කොහෙද

එහෙම උනොත් අබ සරණයි

හරිද..

|

මේ පිංවතුන් සන්සුන්ව

මේ කියන ගථාව අප සමග කියන්න

|

සිව්පසයට මුවා වී

පංසිල් කඩාවී

කහවත කිළිටි වී

යන්න නිරයක් සොයාවී

|

අවිහිංසක දහම

අංගුලිමාල වී කොහොම

වසල පිරිතම කොහොම

කසල වූයේ කොහොම

|

අය්යට මුවා වී

මල්ලී චණ්ඩියා වී

දෙන්නට මුවා වී

නැණ සර රජා වී

|

කෝවිල් කඩා වී

පල්ලි ද කඩාවී

මිනිසුන් මරාවී

මිනිසුන් සතුන් වේවී

|

සියලු සත්වයෝ නිදුක් වේවා

නිරෝගි වේවා

සුවපත් වේවා

|

ඒවා කොහෙද අපිත් එක්ක

මුස්ලිම් දෙමළ හැර

|

ඇයි මොකද

අපි පංසිල් රකින්නෑ කියලද කියන්නේ

යකෝ උඹලට හොඳ ජාතකයක් නැද්ද

මේක අපේ රට

අපේ ආගම

|

මේ පිංවතුන් සන්සුන්ව

මේ පෙති ටික පානය කිරීමෙන් ඔබට ඉක්මන් සුවය පතන්නෙමු

සිවුරු ගලවා

මූලස්ථානවලට භාර දෙන්න

ඔබලාට හෙලුවම මිස

අන් කිසිවක් නුසුදුසුය

උදය ආර්. තෙන්නකෝන් | Udaya R. Tennakoon