සිංහල

රූපවාහිනී සභාපතිට එරෙහිව මාධ්‍ය සංවිධාන උද්ඝෝෂණයක..

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදකවරුන්ගේ වෘත්තිය ගරුත්වයට හා අයිතිවාසිකම්වලට හානිවන අයුරින් පරිපාලනය විසින් සිදුකරන කටයුතු නතර කරන සේ ඉල්ලා ලිපියක් බාරදීම නිසා එම සංගමයේ සභාපති ඇතුලු මාධ්‍යවේදීන් සිව්දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය පා මාධ්‍ය සංවිධාන හා රූපවාහිනී සංස්ථාවේ සේවකයින් අද (ඔක්තෝබර් 2) රූපවාහිනී සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූවා.
ආයතනය පිළිබදව එහි වෘත්තීය සමිතියක් විසින් එවන ලද නිල ලිපියකට ප්‍රතිචාර වශයෙන් සමිති ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් අනිවාර්ය නිවාඩු යැවීම එම මාධ්‍යවේදීන්ගේ මූලික මානව හිමිකමක් කෙළසීමක් බව උද්ඝෝෂකයින් ප්‍රකාශකර සිටියා.එසේම ආයතනයේ අභිවෘද්ධිය උදෙසා ඉදිරිපත්කරන ලද අදහස් පිළිබදව නිසි සාකච්ඡාවක් කරනු වෙනුවට පළිගැනීම මගින් ප්‍රශ්න විසදීමට තැත් නොකරන ලෙසත්,අනිවාර්ය නිවාඩු යවා ඇති මාධ්‍යවේදීන්/නිෂ්පාදකවරුන් වහාම නැවත සේවයේ පිහිටුවන ලෙසත් උද්ඝෝෂකයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

ඉහත දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ විඩියෝ පටයකි