සිංහල, Corruption, Election, Kurunegala

ගුවන්විදුලි,ලේකහවුස් හා රූපවාහිනි සේවකයන් අනුර යාපාගේ ඡන්ද වැඩට

ජනමාධ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කුරුණෑගල නුවර පාරේ ඇත්කඳ රජමහ විහාරය අසල පිහිටි මැතිවරණ කාර්යාලයේ ගුවන් විදුලි, ලේක්හවුස් හා රූපවාහිනි සේවකයන් 15 දෙනෙකු පමණ ඇමතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යොදවා ඇතැයි විකල්ප වෙත වාර්ථාවේ.
ටෙලිකොම් ආයතනයට අයත් ( එම දුරකතන කිහිපයක අංක මෙසේයි – 011-3701024 – 26 ) සී.ඩී.එම්.ඒ දුරකථන දහයක් පමණ මෙම ප්‍රචාරක ව්‍යාපාරයට යොදවාගෙන ඇති අතර අදාල සේවකයන්ට පැවරී ඇත්තේ එම දුරකතන මඟින් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් දුරකථන වලට කතාකොට ඇමතිවරයාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටීම බව වාර්තාවේ. ටෙලිකොම් ආයතනයට අයත් එම දුරකථන කොළඹ ප්‍රාදේශිය අංක යටතේ ලියාපදිංචි කර ඇත.
මෙම කාර්යාලයේ පරිපාලන කටයුතු මෙහෙය වන්නේ රසාංග ශරිස්චන්ද්‍ර නම් ලේකහවුස් ආයතනයේ අධ්‍යක්ෂකවරයා වන අතර ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත වැළිවේරිය මහතාද එහි පාලනයට සමබන්ධ වී සිටිති. මෙම මෙහෙයුම සඳහා වැඩි වශයෙන් සහභාගී වී සිටින්නේ ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන්ය.