සිංහල

චේ…

ආජන්ටීනියානු චේ
හවානා සුරුට්ටුව ගහගෙන
බොලිවියන් වංගගරියෙන් පිය හඹා
තොප්පිගල ඇවිත්

කැමා කලිසම
බර බූට්
ආම් කට් ටී ෂර්ට් එක මත
දුමක් විලසින්
සුසුම් හෙළනා චේ

ගරිල්ලාවන් කොයිබ ද
රිළව් විලසින් නසනට
තුවක්කුවකට පණ එන

පෙර
චේ ගුවෙර කල්ලිය
මහනෙල් නෙළන තැන්වල
නාමින් සිටිනු දැක
තොප්පිගල මුදුනින් පැන
චේ දිවි නසාගෙන

ෂේන් පීටර්ස්