සිංහල, Colombo, Democracy, Media

මාධ්‍ය මර්දනයට එරෙහි උද්ඝෝෂණය මානව හිමිකම් දිනයේදී…..




අද රටේ උද්ගතවී ඇත්තේ මාධ්‍ය නිදහසට එරෙහිව ඕනෑම ආකාරයේ මර්දනයක් දියත් කොට දඬුවම් නොලබා සිටිය හැකි සංස්කෘතියකි. මාධ්‍යකරුවන් මරා දැමීම,මාධ්‍යකරුවන් බිය වැද්දීම,මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම හා මාධ්‍ය ආයතන වසාදැමීම අද ඉතාම සමාන්‍ය සිදුවීම් බවට පත්වී ඇත.

මෙම මර්දනයට එරෙහිව ලෝක මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10 වනදා දැවැන්ත උද්ඝෝෂණයක් මාධ්‍ය මර්දනයට එරෙහි ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇත. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද ( දෙසැම්බර් 04) දින ශ්‍රි ලංකා පුවත් පත් ආයතනයේදී පැවැත්වූවා. එහිදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනන්ද දේශප්‍රිය, වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසූරිය හා දෙමළ මාධ්‍ය සංසදයේ ආනන්ද පාලකිඩ්නර් යන මහත්වරුන් විකල්ප වෙත දැක්වූ අදහස් ඇතුළත් විඩියෝ පට ඉහත දැක්වේ