සිංහල, Colombo, Life quips, Peace and reconciliation

අද තෛපොංගල් දිනයයි

ලොකවාසී හින්දු ජනයා අද තෛපොංගල් දිනය සමරනු ලබනවා. සරුසාර අස්වැන්නක් ලබාගැනීමටත්, ලබාගත් සරුසාර අස්වැන්න වෙනුවෙනුත් සූර්‍යයාට පුද පුජා පවත්වන උත්සවයක් ලෙස මෙම උලෙල සලකනු ලබනවා.ගෙවී ගිය වසරේ සාර්ථකත්වය ස්මරණය කරමින් ලබන වසරේ සශ්‍රීකත්වය පතා පුද පූජා කරමින් හින්දු බැතිමත්තු මෙම උත්සවය සමරනු ලබනවා. එහෙත් ලංකාවේ හින්දු ජනයාට ගෙවීගිය වසර සාර්ථකත්වය කෙසේ වෙතත් භීෂණය, ඝාතනය මෙන්ම පැහැරගෙනයාම් බහුල විලාපයන්ගෙන් පිරි වසරකි. ඒ හෙයින් ඔවුන් ප්‍රාර්ථනා කරනු ඇත්තේ ලබන්නාවු වසර සශ්‍රීකත්වය කෙසේ වෙතත් අඩුම තරමින් ජීවීතයවත් බේරාගත හැකි වසරක් වේවායි කියාය. නැතහොත් දශක තුනක් පුරා තමන්ව විනාශය කරා ගෙන ගොස් ඇති යුද්ධය නිමාවනු ඇති කියාය. භීෂණයෙන් තොර මළමිනී ගොඩ නොගැසෙන සාමය සතුට පිරි තෛපොංගල් උලෙලක් ලබන වසරේදී හෝ මෙරට හින්දු ජනයාට සමරන්න ලැබේවායි විකල්ප ප්‍රර්ථනාවයි. තෛපොංගල් දින පිළිබදව අදහස් ඇතුළත් විඩියෝ පටයක් ඉහත දැක්වේ.