සිංහල

බස් කතා

කණගාටුවෙන් වුවත් බස් කතාවක් යළි ලිවීමට සිදුව තිබේ. තවම කොළඹ ජනමාධ්‍යයේ බස් ගාස්තු වැඩි කළ යුතු ද යන සාකච්ඡාය. අපේ පාරවල් නම් වැඩි කර හමාරය. අප යනෙන දඹුලු පාරේ යකල්ලේ සිට කුරුණෑගලට කලින් අයකළේ රුපියල් 18කි. මෙවර ඉන්ධන මිල ඉහළ යාම සමග ඊට පසුදා සිටම ගාස්තුව රුපියල් 20 ක් දක්වා වැඩි කෙරුණි.

සාමාන්‍යයෙන් බසයක 40 දෙනෙකු යන්නේ යැයි සිතන්න. එවිට වැඩිපුර අයවන ගණන රුපියල් 80 කි. යකල්ල කුරුණෑගල දුර කිලෝමීටර 9 කි. ඩීසල් වැය වීම ලීටර් දෙකකි. ලීටරයට රුපියල් 5 බැගින් වූ වැඩි වියදම රුපියල් 10 කි. ඉතිරිය රුපියල් 70 කි. දවසකට මැල්සිරිපුර කුරුණෑගල ගමන්වාර 4*2 ක් යන බස් රථයකට මසකට අමතර ආදායම 70*8*30 කි. එනම් රුපියල් 16800 කි.

මෙම ගණන් හැදීම සර්ව සම්පූර්ණ නැත. නමුත් මෙමගින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ ආණ්ඩුව සමග එක්ව පුද්ගලික බස් ජාවාරම මගීන් සූරාකන අන්දමයි.

ෙමත්සිරි වඩුෙග්