සිංහල, Matale

දුෂ්කරත්වය තුළ ජීවිතය සොයායන දිරිය ගැහැණුන්

මොන එහෙකට ලග්ගල යනවද? ගිය කවුරුත් ඉක්මනට එහෙන් එන්න හදනව මිසක නවතින්නේ නෑ.ඒ තරම්ම දුෂ්කරයි.පුලුවන් ඉක්මනින් මාරුවක් ගන්න බලන්න..මා අලුත් රැකියාව සදහා ලග්ගල පල්ලෙගම යන බව කියුවිට හැම දෙනාම කියු අයුරු මගේ නෙත් අභියස මැවී පෙනුනා.ඇත්ත ගමන පැය තුනා හමාරක්.ඒක දුෂ්කරයි පළමු දවසේම මට හිතුනා. රටත් වඩා ඇගට දැණුනා.(ලග්ගල කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුප්පත්ම සහ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්)

ඒ දුෂ්කරත්වය සමග අද වෙද්දි මාස හතරක් ගෙවී ගිහින්.ඒත් මම හොයනවා මට හැමෝම කිව්ව ඒ දුෂ්කරකම.ගමනාගමනය හැර මට දැනෙන් නැති ඒ දුෂ්කරකම මම තාම හොයනවා.

රවණා රජුගේ බලකොටුව,සීතල වතුර පිරි දියදහරවල් මවන්නෙ පුදුම සුන්දරත්වයක්.ඒ විතරක්ම නෙමේ අලි ඇතුන්, කුරුල්ලන් මේ හැම දේම එක්ක ලග්ගල ඡීවිතේ සුන්දරයි.මට හිතෙනවා.

මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන නම් ආරම්භය වෙන්න ඕන මේ වගේ පිටිසර ප්‍රදේශවලින් ඡීවිතේ ගැන ඉගෙන ගන්න එක.ඒ වගේම මෙහෙ මිනිස්සු විදින දුක්ඛ දෝමනස්, ගැහැට විදලම බලන්න ඕන කියලා මට හිතෙනවා. ඒ වෙනත් ලෝකයක් ගැන සිහින මවනවාට වඩා වෙනත් ලෝකයක් ගැන තිබෙන සිහිනය වඩා ලංකර ගන්න. මගේ ඡීවි‍ෙත් බද්ධ වෙච්ච මොකක්දෝ ලේ නෑකමක් මේ මිනිස්සු,ගැහැණුන් සමග ඇති වග මගේ හිතට දැණෙනවා.

2010 වෙද්දි කලු ගග ව්‍යාපතිය නිසා ඉවත් කල යුතු ගම් ලෙස නම්කරපු පල්ලෙගම,කරදමුල්ල,ගෝනවල කියන ගම් වල මිනිස්සු අද දාහතේ හූල්ලනවා.ඒ තමන්ගේ ඡීවිතයට කරන්නට යන විනාසය දැනිල.ඒක මහා වේදනාවක්.මට මගේ මිතුරෙක් කිවුව මෙ වගේ විවිධ ව්‍යාපති නිසා අද අසරණ වෙලා ඉන්න මිනිස්සු ගැන.උඔ දන්නවද? එක්දහාස් නවසිය පනස් ගනන්වල සිට අසූගනන් දක්වා ජනපදකරනය නිසා බණ්ඩාරවෙල,නුවරඑළිය පලාත්වල මිනිස්සු පොළොන්නරුවේ,වැලිකන්ද සීමාවෙ,ත්‍රිකුණාමලයෙ විදින දුක් ගැන.ඔවුන් කියනව අද ඔවුන් යුද්දේ පලිහක් කියල.ඒක සම්පූර්ණ ඇත්ත.මිලිටරිකරණයේ බැරල් බවට අද ඒ මිනිස් ඡීවිත පත්වෙලා.ඒ ජනපදකරනයේ ප්‍රතිපල. ඒ වගේ දෙයක් නම් මේ අසරණ මිනිස්සුන්ට වෙන්න එපා…
කලුගග ප්‍රදේශයේ බැලු බැලු අත වලවල්. ඒ මැණික් ව්‍යාපාරයේ නටබුන්. ඒත් මේ මිනිස්සු පොළවත් සමග හැමදාම පොරබදනවා ඡීවිතේ ගැටගහගන්න. කොච්චර මැණික් හම්බ උනත් මෙ පළාතේ 90% මිනිස්සු අතේ කරගැට නගින තුරු කාෂ්ඨක අවුවෙ ඉල්ලම් හාරනව.මොකද ඔවුන් කුලීකාර කම්කරුවො.මේ ඡිවිතය කොතරම් දුෂ්කර උනත් හම්බකරන සල්ලි රා අරක්කු පොළවල්වලට දෙන එක තමයි මෙහේ බොහෝ පිරිම් කරන්නේ. ඒ නිසාම ගෙදර ඉන්න ගැහැණුයි, ළමයිනුයි බඩගින්නෙ දුක්විදිනව.සමහර දාට බඩගින්නෙ ඉන්න ගැහැනුන්ට හම්බවෙන්නෙ ගුටි බැට ඒ කරල රෑ එළිවෙනකම් පොලිස් කූඩ්වේ ලගින පිරිම් මේ පළාතේ ඇතිවෙන්න ඉන්නව. මෙ මිනිස්සු මෙ විදිහට හැසිරෙන්නෙ තමන්ට වෙන අසාධාරණය පිටකරන්න වෙන තැනක් නැති හින්ද කියල මට හිතෙනව. ඒත් ගැහැනු.. දුක්විදිනව මදිවට ගුටිත් කනව.ඒ අයගෙ අසාධාරණය පිට වෙන්නේ නැහැ විදදරාගන්නව මොකද ගැහැණුනෙ.
තමන්ගේම මනුස්සයගෙ කරදර වලට ලක්වෙන මේ අහිංසක ගැහැනු තමන්ගේ දුක කියන්න පොළීසියට හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරි එනව. වරෙක අහසට දෑත දිගු කරගෙන තම මනුස්සයට දෙස්තියන ඔවුන් එසැනින්ම ඔවුන් ගැන අනුකම්පා කරන බවත් මම දැකල තියෙනව. ඒ නිසාම ඔවුන්ට පවුල් ගැටලු වලදී නීතිය වෙනුවට ඡීවිතයේ යථාර්තය උගන්නන්න දැන් අපි පුරුදුවෙලා.හරියට හාමුදුරුවරු බණ කියනව වගේ.
මේ සියල්ල අතරතුර දුෂ්කරයි කියා කියන මෙ ඉසව්වේ සිට මම මගේ ඡීවිතය සොයන්න උත්සහ කරනව.විශ්ව විද්‍යාලයෙන් හෝ පොත පතින් ලත් දැනුමට වඩා මේ ලබන අත්දැකීම් මට මහාමෙරක් වගේ දැනෙනවා. ඒ නිසාම අද මම ලබන අත්දකීම්,සුන්දර මතකයන්,පීඩාවන් මගේ ඡීවිතයට මෙන්ම අනෙක් මිනිසුන්ගේ ඡීවිත වලටද යම් ආලෝකයක් ලබාදෙන්නට පහන්සිලක් කර ගන්නට හැකිවේ යැයි විටෙක මට සිතෙනව.
නුවරඑළියේ සීතලට සමාන සීතලක් දැනෙන රිවස්ටන් ආශ්‍රිත පෙදෙස්වල ඡීවත්වන ගැමියන් අගෝස්තු-ඔක්තෝබර් මාස වලදී තමන් වගාකළ තක්කාලි පෙට්ටිවල අහුරගෙන හිස මත තබාගෙන සැතපුම් 3-4 පයින් යනව දකින විට දැනෙන්නෙ පුදුම දුකක්. ඒත් ඒ දුක එක්කම හිතට පුදුම තරහකුත් එනව මොකද මම දන්නවා කොච්චර දුක්විදල ගෙනිච්චත් හම්බවෙන්නෙ සොච්චමක් කියල.සමහර වෙලාවට කිලෝ 10 සදහ රුපියල් 40/ කොච්චර අසාධාරණ විදිහට මේ මිනිස්සුන්ව හූරන්කනවද?මෙතෙක් තම මනාපය සටහන් කරගත්තු දේශපාලකයින්ගෙන් මෙ මිනිස්සු කල ඉල්ලීම් සලකා ඔවුන්ට ගමන් කරන්න පාරක් කිසිකෙනෙක් හදා දීල නැහැ. තවමත් යකුන්ට අඩුක්කු පූජා පුදන මිනිසුන් ඉන්න මේ ප්‍රදේශයට මොන පාරවල්දැයි මෙ අයට හිතෙනවා ඇති. ඒත් මිනිස්සුනේ මේ ඉන්නෙත් මිනිස්සු. මෙ අයත් එක්ක ගෙවන ඡීවිතේ ගැන දැනෙන අපූර්වතම තප්තියක් මිස මේ රාවනාපුරයට රැකියාවට ඒම ගැන මට කිසිදු කණගාටුවක් නොදැනෙයි.

උතුරේ ජනතාව වෙඩිහඩ මැද සාගින්න අත්විදිද්දි. මේ ප්‍රදේශවල මිනිස්සු විදින්නේ නොහැකියාවේ කටුකත්වය නොවේද? ‍