සිංහල

නිජබිමට නිදහස…..

60 වැනි නිදහස් සමරුවට පෙර කොළඹ පදික වෙළදුන් ඉවතට – පුවතක්

සිංහලද දෙමළ ද කිව නොහැකි මිනහෙකුට
නිජබිමක් තිබුණා
ඩී.ආර්. විජේවර්ධන මාවතේ
ලයිට් කණුවක් පාමුල
කබල් කුඩයක් යට

අඩිය ගැලවුණු සපත්තු
පටි කැඩුණු සෙරෙප්පු
හං කැබලි,
ඇණ, නූල්
අතරෙහි
වරෙක කටුවක්
වරෙක මිටියක්
අතින් ගත්
සිංහල ද දෙමළ ද කිව නොහැකි මිනිහෙකුට
නිජබිමක් තිබුණා,
60 වැනි නිදහස් සමරුවට පෙර.

සීමා
2008.02.01