සිංහල, Colombo, Democracy, Peace and reconciliation

සිවිල් වැසියන් හා යුද්ධය


60 වන නිදහස් සමරුවට රට සුදානම් වෙමින් සිටියදී රට පුරා සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර රැසක් එල්ල වුවා. මේ හේතුවෙන් සිවිල් වැසියන් සියයකට අධික පිරිසක් මියගිය අතර පාසැල් දරුවන් රැසක්ද ඒ අතර වනවා. දකුණේ තත්ත්වය එසේ වෙද්දී උතුරේද එවැනිම ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් මෙන්ම දරුවන්ද ඝාතනයට ලක්වීම සාමාන්‍ය සිදුවීම් බවට පත්වී ඇත. සිවිල් වැසියන් යුද්ධයේ ගොදුරුබවට පත්වීම අද මෙරට සමාජය තුළ බරපතල තත්ත්වයක් බවට පත්වී තිබේ. විකල්ප මේ පිළිබඳව නිතිඥයෙක් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක්ද වන ශීරාල් ලක්තිලක මහතා සමග සංවාදයේ යෙදුනා. ඉහත දැක්වෙනුයේ එම විඩියෝ පටයයි.