සිංහල, Colombo, Life quips, Stories from the silent

මිතුරනි , පැරණි

ඔබට
නො ඇසුනාට
මලටද කටහඬක් ඇත

සිඳ දමන විට නටුවෙන්
නඟන කෙඳිරිය
ඇසෙන්නේ
ගසට විතරද ?

මළවුන්ට පවා
ජීවිතයක් ඇතැයි
කියන විට අපි
ඔබ කියන්නේ
කඳුළ
සතුටින් උපදින බවද?

සිඳින්නට පෙර මල
නටුවෙන්
රැදී තිබුණි
පෙත්තක් මත
සීතල පිනි බිඳුවක්


මලේ සතුටද ?
ඔබේ සතුටද ?

මංජුල වෙඩිවර්ධන