සිංහල, Gampaha, Life quips

කිරිබත්ගොඩ නගරයේ මහා තොරන…

ජාතකය …. මර්වින් සිල්වා
මේ වෙසක් කාලයයි. කිරිබත්ගොඩ නගරය වෙනදාට වඩා අලංකාරයි.
වීදි දෙපසේ වෙසක් කුඩු, පාට පාට විදුලි බුබුලු, සෑම තැනකින්ම බැති ගී හඩ මෙන්ම වෙහෙස නිවන්න දන්සැල් ආදී පිං වැඩ. නගරය මැද වූ විශාල තොරනද එය නරඹන්න ආ ජනයා නිසාද කිරිබත්ගොඩ නගරය වෙසක් සිරියෙන් ඇළලී ගිහින්.

මේ අතර පසුගිය මැයි 21 වෙනිද කිරිබත්ගොඩ බස් නැවතුම අසලින් අපූරු ජාතක කතාවක් ශ්‍රවනය කිරීමේ හැකියාව එහි වු සියළු දෙනාට ලැබුනි. මේ ජාතක කථාවේ නම මර්වින් සිල්වා ජාතකයයි.එම ජාතක කථාවෙන් ඇසුන කවි පදයක් හා විස්තරයකි පහත දැක්වෙනුයේ

නමත් ඇති වැඩත් ඇති මර්වින් සිල්වා ඇමැති
කරන දෙයක් කරයි හිතලා මෙන්න නියම පුරපති

අපේ මර්වින් ඇමැතිතුමා නිසා මෙ කිරිබත්ගොඩ නගරය තවතව ලස්සන වෙනවා.සුරා සූදූවෙන් තොර නගරයක් හදන්න ඇමැතිතුමා වෙහෙසෙන බව ඔබ දකිනවා ඇති.ඇමැති තුමා හිතු දේ කරනවා. කරනදේ හිතනවා.

සෙනඟ හෙමින් හෙමින් මුමුන මුමුන බනින්න පටන් ගත්තා. සමහරු බැන බැන යන්න ගියා.

සුෙර්න් ජූලියන්