සිංහල, Democracy, Kandy

මහනුවර දිස්ත්‍රික් දෙමල පාසැල් වසා ගුරුවරු දේශපාලන රැස්වීමට

අද දින (21) නුවර දිස්ත්‍රික්කයේ සියළුම රජයේ ද්‍රවිඩ පාසල් සඳහා නිවාඩු ලබාදී එම පාසල් වල ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පැමිණෙන ලෙස දන්වා ඇතැයි විකල්ප වෙත වාර්ථාවේ. එහෙත් මේ පිළිබඳව අප කළ විමසුමකදී සිය අනන්‍යතාවය හෙළි කිරිමට අකමැති වූ ගුරුවරුන් කිහිප දෙනෙකු පැවසූවේ තමන්ව නිවාඩු ලබාදී ගෙන්වා ගෙන තිබුනේ ලගදී පැවැත්වෙන පළාත් සභා ඡන්දයේ දේශපාලන උවමානවන් වෙනුවෙන් දේ්ශන තැබීමට බවයි. අප මේ පිළිබඳව විමසීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වජේසිරි හේරත් මහතා ඇමතීමට උත්සහා ගත්තද එම කාර්‍යාලයේ දුරකථනවලට කිසිවෙකු සම්බන්ධ නොවන නිසා තොරතුරු ලබාගැනීමට නොහැකි වුනි.