සිංහල, Kandy, Life quips

මහනුවර පාසල්වල ඩෙංගු,… දැරියක් මිය යයි…

මහනුවර පෙෘද්ගලික පාසලක් වන හිල්වුඩ් විද්‍යාලයේ අට හැවිරිදි(8) ශිෂ්‍යාවක් ඩෙංගු උණ රෝගය වැලදීමෙන් පසුගිය දා මිය ගියා ය. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා(24)මහනුවර මහයියාවේ දී සිදුවිය.
පසුව මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බොහෝ ශිෂ්‍යාවන් පිරිසකට ඩෙංගු වෛරසය වැළදී ඇතැයි යන සැකයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇතැයි ද වාර්තාවේ. ඉන්පසුව පාසල් පරිපාලනය විසින් හිල්වුඩ් විදුහලේ නේවාසිකාගාරය වසා දමා ඇති අතර පාසල පිරිසිදු කිරීමේ වැඩසටහන් ද පසුගිය දා පැවැත්විනි.
පෞද්ගලික පාසලක් වන මෙම විද්‍යාලයේ අපවිත්‍රතාවය ගැන තමන් පුදුම වන බවත් වසරකට විශාල මුදල් ප්‍රමාණයක් මෙම පාසලට ලැබෙන බවත් මේවාට කුමක් කරනවා දැයි සැකයක් දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් තුළ පවතින බවත් වාර්තාවේ.
තවද මෙම වෛරසය බෝවිමෙ වැලැක්වීම සදහා මහනුවර ප්‍රසිද්ධ පාසලක් වන කිංස්වුඩ් විද්‍යාලයේ නේවාසිකාගාරය ද වසා දෑමීමට යන බව ද වාර්තාවේ.