සිංහල, Education, Life quips, Matale

රත්තොට අධ්‍යාපන කළාපයේ ගුරු හිඟයක්

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට අධ්‍යාපන කලාපයේ පාසල්වලට උග්‍ර ගුරු හිඟයක් පවති. එසේ ගුරු හිඟය පවතින්නේ එම කලාපයේ දුෂ්කර පාසල්වලය. එසේ ගුරුවරු හිඟවී ඇත්තේ ප්‍රාථමික අංශයේ විද්‍යාව,ඉංග්‍රීසි හා ගණිතය වැනි විෂයන් සඳහාය. මෙම ප්‍රදේශයේ නාගරික පාසල්වල විශාල ගුරු අතිරික්තයක් පවතින බවත් එම ගුරුවරුන් දුෂ්කර පාසල්වල සේවයට යෑමට කැමැත්තක් නොදක්වන බවත් දෙමාපියන් සඳහන් කරයි. ගුරු හිඟය පවතින පාසල් සඳහා අවශ්‍ය ගුරුවරුන් ලබා දෙන ලෙස දෙමාපියන් සහ සිසුන් අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා සිටියත් මේ වන තුරු නිසි ක්‍රියා මාර්ග පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොකිරීම නිසා ග්‍රාමීය සහ වතු අශ්‍රිතව ජීවත්වන අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතියද කඩ වී ඇති බව දෙමාපියන් විසින් සඳහන් කරයි.
අප මේ පිළිබඳව මාතලේ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් විමසීමක් කරනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කළේ ගුරු හිඟය රත්තොටට පමණක් සිමාවුවක් නොවන්නක් බවත් එය ලංකාවටම බලපාන ප්‍රශ්නයක් බවත්ය.කෙසේ වෙතත් තම කළාපය සතුව ඉංග්‍රීසි ගුරුවරු වැඩියෙන් සිටින බවත්, එම නිසා එම අතිරික්තය ප්‍රාථමික අංශය සඳහා යොමුකර ඇති බවත් විද්‍යා හා ගණිත අංශ සඳහා උපාධිධාරී ගුරුවරු කණ්ඩායමක් යොදවා සිටින බවත් ඔහු පැවසූවා. එහෙත් ගැටළුවකට ඇත්තේ තමන් කොපමණ ගුරුවරු යෙදෙවුවත් ඔවුන් නැවත පැමිණ තම මාරුව අවලංගු කරගන්නා නිසා ප්‍රශ්නයට නිශ්චිත විසඳුමක් දීමට නොහැකි වීම නිසා බවත් ඔහු කියා සිටියේය. එසේ වන්නේ ඇයිද යන ප්‍රශ්ණයට ඔහුගේ පිළිතුර වුයේ තමන්ට එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නොහැක යන්නයි.