සිංහල, Kurunegala, Life quips, Poems

වෙස් මුහුණ හා සැබෑ මුහුණ

බොහේ සේ පතන මුත්
ගරුත්වය ලෝකයෙන්
රිසි නොමැත පුදන්නට
බිදක්වත් අනෙකාට
ගරුත්වය

මහා හයියෙන්
කෑගසන මුත් ගිරිය පුප්පා
ඇසෙන්නට ලෝකයට
මිනිස් හිමිකම් ගැනම
ඔහු රිසිය තකන්නට
අනෙක් මිනිසුන්
පයට හුවිල්ල සේ

සංවාදයට ලොල්ය
මලට බඹරෙකු සේම
කියන මුත් ඔහු නිතොර
වියතුන් සභා මැදල
ඔහුව විමසන දනට
අනියි අපහාසයේ
ගිනි පුපරු වන් වදන්
කඩු තුඩින්

අහෝල මේ සත් පුරුෂ
උතුමාට
ආයුබෝ වේවා

සුනිල් කහගල්ල