Featured Articles, Features

ආණ්ඩුවේ කුලීකාර මැරයින් අලුත්කඩේ යුද පිටියක් කරයි – පොලීසිය බලා සිටියි.[Video/Photos]

IMG_0432

IMG_0414

IMG_0420

8367342446_11da8aa9ae_z
අද(09)කොළඹ අධිකරණ සංකීර්ණය අසල දී නීතිඥ සංවිධාන එකතුව විසින් දෝෂාභියෝගයට විරැද්ධව පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට, රාජපක්ෂ ආණ්ඩුවේ කුලීකාර මැරයින් විසින් බාධා පමුණුවනු ලැබූ හ.

එම විරෝධතා පාගමන ආරම්භ කිරීමට පෙර සිටම පොලු, ගල් සහ මුගුරැ රැගත් මැරයින් අධිකරණ සංකීර්ණය අවට සෑම මංසංදියකම ‘කාගෙද මේ බලවේගේ ජනපතිතුගේ බලවේගේ…‘‘ යැයි කියමින් සිටි අතර, රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසීය සහ විශේෂ කාර්ය බලකාය එම මැරයින් නොදුටු සේ සිටියේ ය.

එම මැරයින් අධිකරණය ඉදිරිපිට මාර්ගය හරස් කරමින් නීතිඥයින්ගේ විරෝධතා පාගමන වලක්වමින් සිටි අතර පොලීසිය නිශ්ශබ්ද්ධව සිටි බවක් දක්නට ලැබිනි. කෙසේ නමුත් නීතිඥයින් වෙනත් මාර්ගයකින් සිය විරෝධතා පාගමන ආරම්භ කිරීමට තීරණය කිරීමත් සමග පැමිණ සිටි මැරයින් විවිධ දිශාවට ගමන් කරමින් විරෝධතා පාගමනට ඒක්වීමට පැමි‍ණෙන පිරිස් වෙත සිය මුග්ද ප්‍රහාරය එල්ල කරනු ලැබූවේ පොලීසියට පෙනෙන ලෙසම පොලු, මුගුරැ, ගල් සහ ටියුබ් ලයිට් භාවිතා කරමිනි.

(මේ ජනාධිපතිතුමාගේ බලවේගය විසින්, දෝෂාභියෝගයට විරැද්ධව පාගමනට එක් වීමට පැමිණෙන විරෝධතා කරැවන්ට එල්ල කරන ලද ප්‍රහාරයන් විකල්ප කැමරාවේ සටහන් වූයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මැනවින් කියා පාමිනි.)

[youtube]https://www.youtube.com/watch?v=CZHWHNu5m_s[/youtube]

Full Photo Collection