vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for January, 2008

සන්නද්ධ බලයට චප්ප වු මඩකළපු ජන ජිවිතය

batti-arti-image.jpg

දුරුතු හඳ කල්ලඩි කළපුවට වැටිල කලපුව දීප්තියෙන් බබලනව. වසර සියයකටත් වඩා පැරණි අලංකාර කල්ලඩි කළු පාලමේ හෙවනැල්ල කලපුදියට වැටිල හරිම අපුරුය දසුනක් මවනව. ඒත් මේ ලස්සන බලන්න මඩකලපුවේ කිසිවෙකුට රාත්‍රියට පාලම උඩට එන්න විදිහක් නැහැ. අද මෙහි තිබෙන තත්ත්වය ඊට හේතුවයි. මඩකලපුවේ හවස හය හත වෙනකොට නගරය පාළුවට යනව. මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ ඇඳිරි වැටෙන කොට ගෙවල් ඇතුළට වී දොරවල් වසා ගැනීමටයි. රාත්‍රියට මෙහි ඇති අවිනිශ්චිතභාවය එයට හේතුවයි.

2002 සටන් විරාමය ඇතිවීමට පෙර එල්.ටී.ටී.ය හා රජයේ හමුදා අතර යුද්ධය පැවැති කාලයේ දීත් මඩකලපුවේ පැවැතියේ මෙවන් තත්ත්වයක්. 2002 වසරේ සටන් විරාමය ඇතිවුවාට පසු තිබූ සාමකාමී වාතාවරණය නැවතත් ඔවුන්ට අහිමි වුයේ කරුණා පාර්ශවය එල්ටීටීඊ යෙන් බෙදීමෙන් පසුවයි. එම සිද්ධියෙන් පසු නැවතත් මඩකලපුව මරණයේ දේශයක් බවට පත්විය. දිනපතාම වාගේ …

යටඋනා දෙමළ මිනිස්සු - කරපොල, වැලිකන්ද

‛අපි ඉස්සර හිටියේ පරණකරපොල. එහේ හිටපු කට්ටිය තමා මහවැලි ව්‍යාපාරය යටතේ මෙහාට ගෙනාවේ. දැනට අවුරුදු 22කට විතර කළින්. අපිට දුන්නේ ගොඩින් අක්කර දෙකයි. මඩින් භාගයයි. මෙහේ දැනට පවුල් 750ක් විතර ඉන්නවා. ඒවා දෙනකොටනන් අපිට සැලකුවේ දෙයියන්ට වගේ. දැන් අපි ඉන්නවද නැද්ද කියලවත් මතක නෑ ආණ්ඩුකරන ඔක්කෝටම’
කරපොල ගමේ මැදිවියේ අයෙක් දුක්මුසුව අප සමග පැවසීය.

කරපොල කියන්නේ වැලිකන්දේ එක් සීමාවක පිහිටි ප්‍රදේශයක්. වර්තමානයේ මෙම ප්‍රදේශය එල්ටීටීඊ සංවිධානයෙන් වෙන් වූ කරුණා කණ්ඩායමට අයිති ප්‍රදේශයක් යැයි පැවසේ.

එය මෙහි මාර්ගවල සහ ගම් ඇතුලට යන ඕනෑම අයෙකුට මනාවට දිස්වේ. අංක තහඩු නැති අලුත්ම යතුරු පැදිවල ආයුධ සන්නද්ධව ගමන් කරන තරුණයින්, කරුණා පාර්ශවයේ කඳවුරු ආදී මෙහි සුලභ දසුනක්.
නමුත් මෙම කණ්ඩායම් නිසා කරපොල ආදි ප්‍රදේශවල ජනයා බියෙන් හා තැතිගැන්මකින් ජීවත් වන බව අපට …

දෙමළ දේශපාලන ව්‍යාපාරයතුළ ප්‍රභාකරන්ගේ භූමිකාව- 3

දෙමළ දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වන සංවාද මාලාවේ තුන්වැන්නයි මේ. මෙවර අප හා සංවාදයට එක්වන්නේ ජේ්‍යෂඨ මාධවේදියෙකු, දේශපාලන විචාරකයෙකු, ගත් කතුවරයෙකු මෙන්ම මෙරට පළවන එකම විකල්ප පුවත්පත වන රාවය පුවත් පතේ කතුවරයාද වන වික්ටර් අයිවන් මහතායි. ඒම මහතා ප්‍රභාකරන්ගේ භූමිකාව පිළබඳව දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.


13 ව්‍යවස්ථා සංශෝධනය - අදට සුදුසුද?


ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය මගින් පිහිටුවනු ලැබූ සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ වාර්ථාව එහි සභාපති අමාත්‍ය මහාචාර්‍ය තිස්ස විතාරන මහතා විසින් පසුගියදා ජනාධිපතිවරයාට බාරදෙනු ලැබුවා.එම වාර්ථාව මගින් 1987 දී ඉංදීය මැදිහත් වීම මගින් ඇතිකරනු ලැබූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යොජනා කෙරූ පළාත් සභා ක්‍රමය ජනවාර්ගික ගැටළුවට විසඳුම ලෙස නැවතත් යෝජනා කරනු ලැබුවා. මෙම යෝජනාව ජනවාර්ගික අර්බූදයට විසඳුම ලෙස සුදුසුද නැද්ද යන්න පිළිබඳව විකල්ප විද්වතුන් කිහිප දෙනෙකුගේ අදහස් විමසනු ලැබුවා.එම අදහස් ඇතුළත් විඩියෝ පට පහත දැක්වේ

.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්‍යවරයෙකු මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීති අංශයේ ප්‍රධානී රොහාන් එදිරිසිංහ මහතා

රාවය …

ජවිපෙ - බියවීමට කාලය

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

වචනවලින අනුන් බිය බියවැද්දවීමට උත්සාහ කිරිම ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතාගේ පුරුද්දකි. ඔහුගේ වෛර භාෂාවෙහි ගොදුරු බවට පත් වූවන්ගේ ලැයිස්තුව දිග ය. අප බෝහො දෙනෙක් ද ඒ අතර වෙයි.

දැන් ඔහු වදන් වලින් බිස වැද්දවීමට තැත් කරන්නේ එක්සත් ජාතින්ගේ මෙරට පිහිටි සංචිධාන ජාලය යයි. එම ආයතන සහ ඒවායේ සේවය කරන්නන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නම් එජා සංවිධානයේ ප්‍රධානීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බව පසුගිය සතියේදි ඔහු ප්‍රකාශ කලේ ය.

ඉන් කියන්නේ ශ්‍රී ලංකාණ්ඩුවේ මානව හිමිකම් කෙළෙසීම් යනාදිය සම්බන්ධයෙන් එජා සංවිධානය දැඩි ක්‍රියාමාර්ගයකට ගිය හොත් මෙරට එජා කාර්‍යාලයන්ට පහර දී ඒවායේ සේවය කරන පිරිස් ඝාතනය කරන බව ය. එජා සංවිධාන මෙරටින් පළවා හැරිය …

දැලිපිහියෙන් මඩකලපුවේ කිරි කෑම

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදවාපු කිරි වලට නම ගත් මඩකළපුවෙහි භයානක ක්‍රිඩාවකට අත ගසා තිබේ. එනම් කට නොකැපෙන සේ දැලි පිහියෙන් කිරි කෑම ය.

මඩකළපුව පලාත්පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිපය සහ දෙමළ ඊලාම් මහජන විමුක්ති කොටි (ටීඑම්වීපී) එනම් කරුණා- පුල්ලෙයාන් කණ්ඩායම අතර දැන් අවබෝධතා ගිවිසුමක් ඇති වී තිබේ. කිරිකෑම ආරම්භ වන්නේ එතැනිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්නද්ධ දේශපාලන පක්ෂයක් නොවේ. ප්‍රජාත්නත්‍රවාදය අනුගමනය කරන දේශපාලන පක්ෂයකි. ටීඑම්වීපි පක්ෂය කදරුත් දන්නා පරිදි සන්නද්ධ අංශයක් ඇති දේශපාලන පක්ෂයකි.

මඩකලපුවේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිණිස ටීඑම්වීපී පක්ෂය නිරායුධ කළ යුතු බව ඩග්ලස් දේවානන්ද නායකත්වය දරන ඊපීඩීපී ය ඊයේ පෙරේදා ප්‍රසිද්ධියේ කියා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් එහි ප්‍රකාශක අසාද් මවුලානා …

பிரபாகரனுக்கு எத்தனை பிறவி?

ஜனவரி மாதம் 23ஆம் திகதி முற்பகல் 11.15 மணியளவில் விடுதலைப் புலிகள் இயக்கத்தின் தலைவர் வே. பிரபாகரனின் மறைவிடமான இரணைமடு‚ கல்மடுக்குளம் பகுதியில் உள்ள ‘எக்ஸ்-ரே’ தளம் மீது இலங்கை விமானப் படையினரின் குண்டுவீச்சு விமானங்கள் துல்லியமாகத் தாக்குதல் நடத்தியுள்ளன என்று விமானப் படையின் பேச்சாளர் விங் கொமாண்டர் அன்ரூ விஜேசூரிய தெரிவித்தார். உளவுத் தகவல்களைக் கொண்டு உறுதிப்படுத்தப்பட்ட பின்னரே இந்தத் தாக்குதல் நடத்தப்பட்டிருக்கிறது என்றும் அவர் தெரிவித்தார்.

இந்தச் செய்தி தென்னிலங்கை பக்கம் கசிந்ததும் இனவாதிகளுக்கு பெரும் கொண்டாட்டம். யுத்த ஆதரவாளர்களுக்கு சந்தோஷம். பட்டாசுகள்‚ பாற்சோறு என தென்னிலங்கையே குதூகலம். பிரபாகரன் கொல்லப்பட்டுவிட்டார் என்றே உறுதிசெய்துவிட்டனர்.

தென்னிலங்கையின் கொலன்னாவைப் பகுதியில் பாற்சோறு வழங்கப்பட்டு கொண்டாடப்பட்டதாக அறியமுடிகிறது. இதேபோலத்தான் விடுதலைப் புலிகளின் அரசியல் துறைப் பொறுப்பாளர் சு.ப. தமிழ்ச்செல்வன் கொல்லப்பட்டதும் தென்னிலங்கை கொண்டாடியது. தற்போது அதன் தலைவரின் மரணம்?

பிரபாகரன் கொல்லப்பட்டதை அடுத்து கொழும்பு‚ கிரிபத்கொட பகுதியில் சம்பவமொன்று இடம்பெற்றுள்ளது. சந்தைக்குச் சென்ற இருவர் மறக்கரிகளை வாங்கிவிட்டு அரசியல்‚ இராணுவ வெற்றிகளைப் பற்றி பேச ஆரம்பித்தனராம். அப்போது அதில் ஒருவர்‚ “மச்சான் லேட்டஸ்ட் நிவ்ஸ். பிரபாகரனை …

අළුත් අස්වැන්න

ඕං අදනං ලෝඩ් එකක් එනවලු. මග.
”භෝජ, ලෑස්ති වෙයං. ලෑන්ඩ් මයින් එකෙන් ගියපු ලෝඩ් එක මග එනවා. මම එද්දි හවස් වෙනවා. උඹ හවස් වෙද්දි බොඩීස් ටික රෙඩි කරල තියපං”
හා හා පුරා යුද්ධය ඇති වූ පසු නෙලා ගන්නට යන පළමු අස්වැන්න.
සිරි සිරි සිරි පොද වැස්සක් වැස්සා. අළුත් පොළොව සුවඳේ් බෑ.

එකෝමත් එක රටක වෙන ගෑණියෙක් තියාගෙන හිටපු මිනිහා එක්ක තරහ වෙලා ළිඳ් පැනපු ගෑණු.
ගෙදරට හොරෙන් මූදෙ පීනන්න ගෙහුං මැරිච්චි නස්කූනි කොල්ලො.
සොහොන්පල්ලො දූෂණය කරලා මරලා දාපු අවුරුදු කුමාරියො.
බස් වලට අහුවෙලා එතනම මැරිච්චි මිනිස්සු.
බඩ මහත කම්බ හොරු.
තුවාල සමග හිඟන්නො.
ගණිකාවො.
මේ එකම වගේ් ලැයිස්තුව භෝජට ඇති වෙලා. තනි තනි මිනී.
ඇති යන්තං. වෙනසක්.
බලාපොරොත්තුවක් මෝදු වුණා භෝජගෙ හිතේ්.

ඒ හැටි වෙලාවක් ගියේ නෑ.
ට්‍රුක්ටර් …

· Next entries »