Archive for July, 2008
July 31, 2008 at 10:04 am · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Democracy, Media, Human Rights | by Vikalpa_R
සුනන්ද ෙද්ශප්‍රිය
මල්වතු නාහිමි වාරණය කිරීම
මල්වතු නාහිමි හමුවී ජනමාධ්‍ය මර්ධනය පිළිබඳව ජනමාධ්‍ය සංවිධාන පහ නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් සාකච්ජා කලේ පසු ගිය සඳුදා ය. එම සාකච්ජාව පිලිබඳ පුවත ආණ්ඩුවේ දිනමිණ පුවත් පත පළ කලේ මල්වතු නාහිමි වාරණය කරමිනි.
ජනමාධ්‍යවේදින්ට එල්ලවන තර්ජන ගර්ජන නිසා සිදුවිය හැකි විපත් ගැන එහිමියන් වදාළ කරුනු ආණ්ඩුවේ දිනමිණ සහමුලින්ම වාගේ කපා දමා තිබුණි. එම වාර්තාව ලියා තිබුනේ ජනමාධ්‍යවේදින්ට එල්ලවන පහරදීම් මල්වතු නාහිමි වක්‍ර ලෙස සාධාරණ කරන්නේ යැයි පෙනි යන පරිදි ය.
මෙම වාර්තාව පළ කළ අනෙක් පුවත්පත් දෙකම සාධාරණ ලෙස එහිමියන් වදාළ කරුණු වාර්තා කර තිබුනි. රජය විසින් පාලනය කරන ජනමාධ්‍ය සගූණත්වය අතින් ආදර්ශමත් ලෙස පවත්වා ගෙන යන බවට මහින්ද චින්තනය පොරොන්දුවක් දුන්නේ මෙළෙස නාහිමිවරුන් පවා වාරණය කිරිමට ද? …
July 30, 2008 at 12:50 pm · Categories: Peace and reconciliation, සිංහල, Gampaha, Life quips, Human Rights | by Vikalpa_R
මෙරටදී පැවැත්වෙන 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව ආරක්ෂාව හේතුවෙන් මිගමුව කලපුව හා අවට ධීවර රැකියාවේ යෙදීම තහනම් කර තිබේ. ජූලි 28 වන දින සිට 30 වන දින දක්වා සවස 6 න්පසුවත් 30 වන දින සිට 3 වන දින දක්වා සම්පූර්ණයෙනුත් මෙම තහනම ක්‍රියාත්මක වන බව බළධාරින් විසින් ධීවරයන්ට දන්වා ඇත. මේ හේතුවෙන්මිගමුව,වැල්ලවිදිය,මහවිදිය,පිටිපන,දූව,තලාහේන,දුන්ගල්පිටිය,සෙත්ප්පාඩුව,කැපුම්ගොඩ, කුරණ හා කටුනායක ආදී ප්‍රදේශ වල ධිවර පවුල් 3000 කට පමණ සිය රැකියාව කරගැනිමට නොහැකි වි ඇත. මෙම තිරණය හේතුවෙන් දැඩිලෙසම පිඩාවට පත්ව සිටින්නේ එදිනෙදා කුලියට ධීවර රැකියාවේ යෙදෙන පිරිසයි. ධීවර යාත්‍රා මෙන්ම නොගැඹුරු කලපුවේ සිදුකරන කට්ටු දැල්,විසිදැල් හා මස් අටු එලිමද මෙමගින් සම්පූර්ණයෙන් තහනම් කර ඇත. මෙම තීරණයෙන් තමන්ට සිදුවන අසාධාරණය පිළිබඳව ධීවර සමිති ධීවර අමාත්‍යවරයාට කරුණු දැක්වුවද ඔහු පවසා ඇත්තේ මෙය ආරක්ෂක අමාත්‍යාංශයේ තීන්දුවක් …
July 30, 2008 at 12:16 pm · Categories: Peace and reconciliation, සිංහල, Gampaha | by Vikalpa_R
මෙම සිදුවීම සිදුවුනේ 25.07.2008
මාර්ග අංක 380 බස් රථය කිරිබත්ගොඩ සිට කඩුවෙල දක්වා ධාවනය වෙමින් තිබියදී තැඹිළිගස්මුල්ල ආසන්නයේදී හදිසීයේම යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක නවතනු ලැබීය. ‛‛බස් රථයේ ඉන්න හැමෝම බැහැල ඉස්සරහට යන්න’’ ඒ සැනෙකින් බස් රථයේ කොන්දොස්තරවරයාගේ හඬ දෝංකාර දුනි. පේළියට ඉදිරියට අයගේ ගමන් මළු හා ජාතික හැඳුනුම්පත්ද පරීක්ෂාවට ලක්කරන ලදි. මගේ වාරය එළඹිනි ‛‛ජාතික හැදුනුම් පත ගන්න’’ පොලිස් නිලධාරියා මාගේ හැඳුනුම්පත ඉල්ලා පරීක්’ෂාවට ලක්කළා. එහිදි මා දෙමළ ජාතිකයෙකු බව දැනගත් ඔහු මගෙන් ඇසු ප්‍රශ්ණ සහ මා දෙනු ලැබු උත්තර පහත දැක්වේ.
ඃ ඔයාගේ සේවා ස්ථානය කොහේද තියෙන්නෙ? කොල්ලුපිටියෙ
ඃ ආයතනයේ නම? විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
ඃ ඒක රජයේ එකක්ද? නැහැ
ඉන් පසු ඔහු මාගේ සේවා ස්ථානයේ හැදුනුම් …
July 29, 2008 at 11:37 am · Categories: Colombo, සිංහල, Governance, Democracy | by Vikalpa_R
கடந்த வாரம் இந்தியாவுக்கான தனிப்பட்ட விஜயம் ஒன்றை மேற்கொண்ட ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ‚ திருப்பதி கோயிலில் வளிபாட்டில் ஈடுபட்ட பின்னர் ஊடகவியலாள் உடனான சந்திப்பில் கருத்து தெரிவிக்கையில் தான் விடுதலைப் புலிகளுடன் இன்று கூட பேசுவதற்கு தயார் ஆனால் பயங்கரவாதிகள் முதலில் ஆயுதங்களை கீழே வைக்க வேண்டும்‚ ஏனெனில் எப்போதேல்லாம் அவர்கள் பலயீனமாக இருக்கிறார்கலேர அப்போதெல்லாம் அவர்கள் பேச்சுக்கு தயாராக இருக்கிறார்கள் எனறு தெரிவித்திருந்தார்.
தொடர்ந்து கருத்து தெரிவிக்கையில்‚ நாம் அணைவரும் இலங்கையர்கள். நாம் அணைவரும் சகோதரர்கள். வடக்கு‚ கிழக்கு அல்லது தெற்கு எங்கிருந்தாலும் நிச்சயமாக‚ நமக்கிடையில் பேச்சுவார்தைகளை மேற்கொள்வதன் மூலம் நாம் தீர்வு காணலாம் என்று தெரிவித்திருந்தார்.
கடந்த வாரத்திற்கு முதல் வாரம்‚ ஸ்ரீ லங்கர சுதந்திர கட்சியின் பொதுச் செயலாளரும் விவசாய அபிவிருத்தி மற்றும் விவசாய சேவைகள் அமைச்சர் மைத்ரியால சிறிசேன‚ செய்தியாளர் மாகாநாடு ஒன்றில் கலந்து கொண்டு கருத்து தெரிவிக்கையில்‚ அரசாங்கம் தேசிய பிரச்சினை திர்வுக்கும் சமாதான பேச்சுவார்த்தைக்கும் எப்போதும் தயாராகவே உள்ளது. ஆனால் விடுதலைப் புலிகள் ஆயுதங்களை கீழே வைத்து சரணடைய வேண்டும். ஓற்றையாட்சியை ஏற்றுக்கொள்ள வேண்டும். இல்லாவிட்டால் பேச்சுவார்த்தை …
July 25, 2008 at 11:20 am · Categories: Colombo, සිංහල, Democracy, Life quips, Human Rights | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
ජීවිතය සඳහා සාමූහිකය විසින් කලු ජූලියේ 25වන සැමරුම සඳහා පැවැත්වුණූ උද්ඝෝෂණයේ කෙළවරක මා සිටගෙන සිටියේ සරණාගත කඳවුරු එපා යන පුවරුවක් අතැතිව ය. බ්‍රිස්ටල් බෝඩ් නමින් අප දන්නා කොළයක පෙලට් පෑනෙන් ලියා තිබූ එම පාඨය එතරම් හොදින් පෙනෙන්නට තිබුණේ ද නැත. එනමුත් ලංවී එය කියවා බැලූ මැදිවියේ පුද්ගලයෙක් මා අසළම සිටගෙන බැණ වදින්නට පටන් ගත්තේ ය. “ සිංහලයෝ මැරුණහම තමයි කවුරුත් නැත්තේ, එක දෙමළෙක් මැරුනොත් උද්ඝෝෂණ කරනවා, එක දෙමළෙක් ඉස්සුවොත් සිරසේ සුදු වෑන් කියා දානවා. ඇයි සිංහලයෝ මරන්නේ නැත් ද? මේ ඔක්කොම ප්‍රභාකරන් බේර ගන්න, හමුදාවේ කොල්ලෝ හෙට අනිද්දාම උන් ඔක්කොම නැති කරනවා. එතකොටත් වරෙල්ලා පුලුවන් නම් පිකට් කරන්න…. ”
ඔහුට අවශ්‍ය වී තිබුනේ මා සමඟ ගැටුමක් ඇති කර ගැනීමට ය. බිය නිසාම මා මුවින් නොබැණ …
July 18, 2008 at 9:35 am · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Democracy, Media, Human Rights | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද්දේ ඔහු විශ්‍රාම ගිය විගසම ය. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දී ඔහු මෙරට දෙමළ ජනයාගේ සිත දිනා ගැනමට සමත් වුයේ ද? නැත්නම් සිත් බිඳවීමට සමත් වූයේ ද?
තමන්ගේ අරමුණ දෙමළ ජනයා දිනා ගැනීම බව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රසිද්ධියේ කියා සිටින පිළිවෙත ය. දෙමළ ජනයා දිනා ගැනීමට නම් අද කළ යුතු ප්‍රධානතම කාරණය කුමක් ද? ඔව්න්ගේ මානව හිමිකම් සුරැකීම ය. පසුගිය කාලය පුරා සිදු කෙරුණු සියළු සමීක්ෂන පෙන්නුම් කරන්නේ දෙමළ ජනයා මුහුණ දි සිටින ප්‍රධාන තම ප්‍රශ්නය ජීවිතාරක්ෂාව බව යි. එනම් ජීවිතයට ඇති අයිතිය යි. රටක ජනයාගේ ජීවිතයට ඇති අයිතිය සුරැකෙන්නේ නීතිය පාලනය රටක පවතින විට ය. නීතියේ පාලනය පවත්වාගෙන යෑම බාරව …
July 3, 2008 at 9:01 am · Categories: Colombo, සිංහල, Democracy, Media, Human Rights | by Vikalpa_R

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක මාධ්‍යවේදී නාමල් පෙරේරා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්‍යයාලයේ දේශපාලන අංශ ප්‍රධානී මහෙන්ද්‍ර රත්නවීර යන මහත්වරුන්ට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධානවල සහභාගීත්වයෙන් විරෝධතාවක් අද (2.7.2008) කොල්ලුපිටිය මංසන්දීයේදී පැවැත්වුනි. ඉහත දැක්වෙනුයේ එහි අවස්ථා ඇතුලත් විඩියෝ පට හා ඡායාරූපයි. …
July 2, 2008 at 9:57 am · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Governance | by Vikalpa_R
දේශණයක් අවසන් වෙලා පඩි පෙළ බැහැගෙන පහළට එද්දී මේසයක් උඩ නැගලා කවුදෝ කතා කරනවා දැක්කා. එයට ටිකක් සමීප වෙලා ඇහුම් කන් දෙන්න මට හිතුනේ විශ්ව විද්‍යාලය තුළ එය ඉතා දුර්ලභ අවස්ථාවක් හින්දා. මේසේ උඩ නැග සිටි පුද්ගලයා අවට රැස් වෙලා සිටි පිරිසගෙන් වතුර බෝතලය බැගින් ඉල්ලා සිටියා. එසැණින්ම මගේ සිත සතුටට පත් වුණේ නියඟයකින් හරි ගංවතුරකින් හරි අනතුරට පත් වෙලා අසරණ වෙලා ඉන්න පිරිසකට වෙන්න ඇති මේ වතුර බෝතල් කියලා හිතුණ නිසයි.
ඒ කතාව අහගෙනම මම ඉස්සරට ඇවිදගෙන යද්දි නිකමට වගේ දැන්වීම් පුවරුව දිහා බැලුණා. එහි අලවා තිබුණ දැන්වීම දැක්කට පස්සෙයි මට තේරුම් ගියේ ඉහත මා ඇහුම් කන් දුන් කතාවේ මුල කොටස.
අප වෙනුවෙන් රුධීරය හලන වීරෝධාර රණවිරුවන් වන්නි ප්‍රදේශයේ උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින බැවින් ඔවුන් සඳහා ජලය …
·
Next entries »