Archive for August, 2008
August 28, 2008 at 9:50 am · Categories: Colombo, සිංහල, Democracy, Media | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
ජනාධිපති රාජපක්ෂ යුද්ධයට වරමක් දිනා ගත්තේ ය. උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල විසින් පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණය එය වේ. එජාපය ප්‍රථමයෙන් උත්සාහ දැරුවේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය පා්‍රදේශිය ප්‍රශ්න මත ගෙන යාමට ය. වසර ගණනාවක්ම බලයේ සිටි ශ්‍රිලනිප පළාත් සභා නියෝජිතයිනට එරෙහිව යොදා ගත හැකි ඕනෑ තරම් කරුණු කාරණා ඔවුන් අත තිබුණි. නමුත් එම උත්සාහය ජනාධිපති රාජපක්ෂ කණ්ඩායම විසින් යටපත් කරන ලද්දේ පළාත් සභා මැතිවරණය එල්ටීටීඊ විරෝධි යුද්ධය සහ සිංහල ජාතිකත්වය මත පදනම් වූ ව්‍යාපාරයක් බවට පෙරළීම මගිනි. මැතිවරණ සටනෙහි සිටි අනෙක් ප්‍රධාන පක්ෂ දෙක එනම් එජාපය සහ ජවිපෙ ද පෙනී සිටියේ ද මෙම යුද්ධය වෙනුවෙනි. එනයින් එජාපය මෙන්ම ජවිපෙ ද ආණ්ඩුවේ යුද්ධ මතවාදය ශක්තිමත් කලේ ය. එය ආණ්ඩු පක්ෂය ලද …
August 22, 2008 at 3:36 pm · Categories: Peace and reconciliation, සිංහල, Democracy, Human Rights, Jaffna | by Vikalpa_R
‛‛කොහොමද යාපනයේ තත්ත්වය? දැන්නම් නරකම නැහැ.
ඒ කිව්වේ? දැන් කලින්ට වඩා හොදයි.මීට මාස දෙක තුනකට කලින් දවසකට අඩුම තරමේ මිනිස්සු පහක්, හයක් මරනව දැන්නම් සතියකට දෙකක් තුනක් තමයි මැරෙන්නෙ.’’ යාපනයේදී මුණගැසුන විද්වතෙක් එහි තත්ත්වය විග්‍රහා කිරිම ආරම්භ කළේ එසේයි. දකුණේ මාධ්‍යට අනුව නම් යාපනයේ තත්ත්වය දැන් හොඳය. ඒත් ඝාතන ප්‍රමානයේ අඩුවෙන් පමණක් තත්ත්වය හොඳවන්නේ කෙසේද කියා මා නම් දන්නේ නැහැ. මොකද යාපනයෙ අද වෙන කොට සම්පූර්ණයෙන් මිලිටරි පාලනයක් තියෙන්නෙ. දිසාපති හෝ කිසිදු රජයේ නිළධාරියෙක් මෙහේ බලවත් නැහැ. පරිපාලනය බෝඩ් ලෑල්ලකට සිමා වෙලයි තියෙන්නේ. ඒකට හෙඳම උදාහරණය තමයි 1990 පිහිට වූ පලාලි හා කන්කසන්තුරෛයි අධි ආරක්ෂක කලාපය. මෙම අධි ආක්ෂක කලාපය නිසා පවුල් 19000 ක් පමණ අවතැන් වෙලා තියෙනව. මේ සම්බන්ධයෙන් පවරපු නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් යාපනය මහාධිකරණය මෙම ජනතාවට තමන් …
August 22, 2008 at 1:44 pm · Categories: Colombo, සිංහල, Democracy, Media, Human Rights | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය මර්ධනයෙහි ලා තවත් වාර්තාවක් තැබුවේ ය. ඒ තිස් වසරක් තරම් කාලයක් පුරා ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව යොදා නොගැනුනු ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ජනමාධ්‍යවේ දි තිස්සෙයිනායගම්ට එරෙහිව නඩු පැවරීම මගිනි.
1979 දී මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන ලද අවස්ථාවේ දි මෙරට ප්‍රධාන පෙළේ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන එයට විරුද්ධත්වය පළ කලේ එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදි අයිතින්ට දරුණු පහරක් එල්ල වන බවට පූරෝකථනය කරමිනි.
මෙම දුෂ්ඨ පනත මෙරට ත්‍රස්තවාදය නැති කරනු වෙනුවට පසුගිය වසර 27 පුරාම යොදා ගැනුනේ මෙරට ජනයාගේ මූලික අයිතීන් කෙළෙසීම පිණිස ය. එය නිතිගත කළ 1979- 1981 වර්ෂයන්හි දී අප බොහෝ දෙනෙකු එක්ව සිටි මර්ජ් ව්‍යාපාරය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව රට පුරා සම්මන්ත්‍රන මාලාවක් සංවිධානය කලේ ය. …
August 14, 2008 at 7:02 pm · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Media | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
කොළඹ ආණ්ඩුව සටන දිනන්නට ඉඩ ඇති නමුත් යුද්ධය දිනන්නේ නැතැයි ඉන්දියනු ආරක්ෂ උපදේශක එම්. කේ. නාරායන් ප්‍රකාශ කළ වි එය දෙබරයට ගල් ගැසීමක් බදු විය. යුද්ධයක් දිනා ගැනීමට නම් සටන් සියල්ල දිනා ගත යුතු ය. නාරායන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනයා දිනා ගැනිමට අසමත් වි ඇති බැවින් භුමිය දිනා ගැනීමේ සටනින් ජය ගැනීමට ඉඩ ඇති නමුත් අවසන් දේශපාලන සටනින් පරදිනු ඇති බව යි.
ශ්‍රී ලංකාවේ යුද්ධය මෙහෙයවන ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ නාරායන් කී දෙය වරදක් නොවන බවත් දෙමළ ජනයා දිනා ගැනීමට ශ්‍රී ලංකාණ්ඩුව අසමත් වී ඇති නමි එය දුබලතාවයක් බවත් ය. එමෙන්ම ඔහු කීයේ තමන් කිසි දිනෙක එල්ටීටීඊ ය සමඟ සාකච්ජාවන්ට නොඑළබෙන බව ය. ඒ අතරම ඔහු කියා සිටින්නේ …
August 14, 2008 at 5:41 pm · Categories: Colombo, සිංහල, Life quips, Media | by Vikalpa_R
August 13, 2008 at 4:49 pm · Categories: Colombo, සිංහල, Gender, Human Rights | by Vikalpa_R
“ආසියාවේ, අප්‍රිකාවේ, ඇමරිකාවේ
ගැහැණියක නැඟී සිටියි නම් තම අයිතිය ඉල්ලා
රාවා රකින විට කිසියම් ස්ත්‍රියකගේ අයිතිය
පැමිණෙන විට දැරියක් රාවා පාසැලකට
ගැහැණුන් නැඟී සිටින ඕනෑම තැනක
මීනා පියමනියි, අප අසළින් ’’
2002 පෙබරවාරි 04 වෙනි දින මීනාගේ පහළොස් වැනි ගුණ සමරුව උදෙසා පකිස්ථානයේ පෙෂාවෝර්හි ශාලාවකට රැස් වූ සිය ගණනක් ස්ත්‍රීන් අතරින් ඉන්දියානු - ඇමරිකානු කිවිඳියක වූ නීෂා මර්චන්ද්‍රානි විසින් එම අවස්ථාව සඳහා ලියන ලද කවියක කොටසකි ඒ.
මා පහුගියදා “මීනා” කියවා අවසන් කළේ එක හුස්මටය. එය ඇෆ්ගන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවිපිදු වීරවරියකගේ සත්‍ය කතාවයි. මෙලඩි එමඩයිල්ඩ් ඩාවිස් විසින් රචනා කරන ලද එය සිංහලට පරිවර්ථනය කර තිබුණේ ප්‍රභා මනුරත්න විසිනි. එය වයස් භේදයක් නොතකා සෑම ස්ත්‍රියක් විසින්ම කියවිය යුතු පොතකි.
එපමණක්ද නොවේ. ඇය විසින් ගොඩ නඟන ලද “රාවා” (Revolutionary Association …
August 7, 2008 at 1:26 pm · Categories: Peace and reconciliation, සිංහල, Democracy, Batticaloa | by Vikalpa_R
மட்டக்களப்பு என்பது தமிழ் ‚முஸ்லிம் ‚பறங்கியர்‚ கிறஸ்தவர்கள் போன்ற பல்லின சமூகம் வாழும் ஓர் அழகிய மாவட்டமாகும். இப் பிரதேசத்தில் காலத்துக்காலம் இன முரண்பாடு ஏற்படுவது வழமையாகி போய்விட்டது. 1985 காலப்பகுதி வரை தழிழர்களும் முஸ்லிம்களும் மிகவும் அன்னியயொன்னமாக வாழ்ந்ததாக மூதோர்கள் சந்தோஸப்பட்டு சொல்வார்கள். பிற்பட்ட காலப்பகுதியில் தோன்றிய பெரியார்கள் மற்றும் படித்தவர்கள‚் இனவெறியூட்டி சமூகத்தில் இலாபம் காண நினைத்தவர்கள்‚ அரசியல் இலாபம் தேடியவர்கள் அவரவர் சமூகத்தை மற்ற சமூகத்தோடு ஒப்பீட்டு பார்த்து பேச நினைத்தனர் இதன் காரணமாக பல்வேறு வன்செயல்கள் இன முரண்பாடுகளின் நிமித்தம் சொல்லொண்ணர துயரங்களையும் அழிவுகளையும் சந்தித்தனர்.
டுவுவுநு யினர் கிழக்கு மாகணத்தில் நிலை கொண்டிருந்த காலப்பகுதியில் அவர்களும் இந்த இன நல்லுறவை பேண தவறிவிட்டனர்.அவர்கள் இருந்த காலப்பகுதியில் முஸ்லிம் ‚தமிழ் மக்கள் மீதும் கப்பம் அறவிட்டனர் . அவர்களிடம் சொந்த வயல்கள் காணிகளில் குடியேறுவதற்கு உரிமை கேட்டவர்களை கொன்றனர். மக்களின் வயல்கள் ஏக்கர் கணக்கில் நெற்பயிர்ச்செய்கைக்கு உட்படாமல் பாலகி கிடந்ததது.அத்துடன் கிழக்கு மாகணத்தில் முன் இருந்த டுவுவுநு யினர் …
August 1, 2008 at 5:04 pm · Categories: Peace and reconciliation, සිංහල, Democracy, Life quips, Human Rights, Human Security | by Sampath Samarakoon
සම්පත් සමරකෝන්
1983 ජූලි මස සිදුවුණු බිහිසුනු දමිළ සංහාරයට වසර විසිපහක්(25) ගෙවමින් තවත් එක් ජූලි මාසයක් ඊයෙන් අවසන් විය. සුපුරුදු ලෙස ‛‛සීසන්’’ එකට මෙන් ඇතැමුන් කලු ජූලිය සැමරූහ(?). එයත් කාන්තා දිනයක්, පරිසර දිනයක් මෙන් සමහර කණ්ඩායම්, පුද්ගලයින් සැලකූ බවක් පෙනෙන්නට විය.
කෙසේ වෙතත් කලු ජූලියට වසර 25 පිරෙන මේ වේදනාත්මක මොහොතේදීවත් එය දේශපාලනිකව හැරවුම්ලක්ෂයක් බවට පත් කර ගන්නට කතිකාවක් සිදුනොකෙරුනු තරමි ය. එසේ සිදුවූවා නම් එයත් එතරම් සක්‍රිය ලෙස සිදු වූ බවක් පෙනෙන්නට නොවී ය.
වර්තමාන (අ)දේශපාලනික පරිසරය තුළ පීඩනයට පත්කළ, පීඩනයට පත්වන දමිළ මිනිසා පිළිබඳව කතා කරන්නට තියා සීතිමත් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර ඇත.
නමුත් සක්‍රිය පුරවැසි සමාජයක් හෝ එවැනි කණ්ඩායම් සිටීනම් එය උපායමාර්ගිකව සිදු කිරීමට හැකියාව තිබිණි. නමුත් ඇතැම් මාධ්‍ය තුලින් ඒ සංවාදය යම් පමණකට ගෙනයෑම, මරාදැමීම්වලට, අතුරුදහන් කිරීම්වලට …