සිංහල, Colombo, Corruption, Governance

පී.බී. ට නැවතත් මහබණ්ඩාගාර ලේකම් තනතුර

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිධි ආචාර්ය පි.බී. ජයසුන්දර මහතාව මහ භාණ්ඩාගාරයේ ලේකම්ධූරයට අද පත්කරනු ලැබුවා. මෙයට අමතරව මහ භාණ්ඩාගාරයේ ලේකම්ධූරය දැරූ සුමිත්ත අබේසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ ලේකම්ධූරයටත්, කැබිනට් මණ්ඩලයේ ලේකම්ධූරය දැරූ ඩී.විජේසිංහ මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙෂත් පත්කරනු ලැබිණි.
ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ රජයේ මහ භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ ජයසුන්දර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේද එම තනතුරු දරණු ලැබුවා. ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහතා විසින් කොළඹ වරායට අයිති ඉඩමක් පෞද්ගලික අංශයට විකිණිමේ දී ජයසුන්දර මහතා වංචාවක් සිදුකර ඇතැයිද එම නිසා එම ඉඩම නැවත රජයට පවරාගන්නා ලෙසද ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකල පෙත්සමක තීන්දුව ප්‍රකාශ කරමින් හිටපු අගවිනිසුරුවරයා විසින් ජයසුන්දර මහතාට රුපියල් ලක්ෂ 5 ක දඩයක් සමග භාණ්ඩාගාර ලේකම් ධූරයෙන්ද ඉල්ලා අස්වන ලෙසට නියෝග කරනු ලැබුවා. මිට අමතරව රජයේ තනතුරු නොදරන බවට ශ්‍රේෂඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ද ලබාදෙන ලෙස නියෝග කරනු ලැබිණි.
එහෙත් සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධූරයෙන් විශ්‍රාම ගිය පසු පී.බී.ජයසුන්දර මහතා විසින් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කරමින් ඉල්ලා සිටියේ තමන්ගේ දිවුරුම් පෙත්සම බල රහිත කරන ලෙසයි. ඒ අනුව පසුගිය දා ඒ සඳහා පත්කල සත්පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් හය දෙනෙකුගේ කැමැත්ත මත නැවතත් ඔහුට රජයේ තනතුරු දැරිය හැකිවන බවට තීන්දුව ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් නැවත මෙම පත්කිරිම අද දින සිදුකරනු ලැබිණි.