iMAGE: via The Conversation

සංස්කාරක සටහන : Annie Reneau විසින් රචිත ” The Holocaust Didn’t Begin with the Gassing of Jews. It Began with Prejudice and Propaganda” නමැති ලිපිය, විකල්ප විසින් සිංහලයට පරිවතනය කරනු ලදුව මෙසේ පළ කරමු.

බොහෝ දේ මා බිය ගන්වන්නේ නැත, නමුත් සෑම ආකාරයකින්ම අන්තවාදය මා බිය ගන්වයි.  රැඩිකලීකරණය වූ ඉස්ලාමීය කණ්ඩායම්වල අන්තවාදය ගැන අපට බොහෝ දේ අසන්නට ලැබෙයි. සත්තකින්ම, එම කණ්ඩායම් අපව කනස්සල්ලට පත් කරනු ලැබ තිබේ. නමුත් එම හිතිකාවන් හේතුකොටගෙන එම කණ්ඩායම් ඉස්ලාමිය විශ්වාසයන් හා සමාන කළ කෙනෙහිම, එය ගමන් කරන්නේ අනතුරුදායක අඩියකටය.  සුළුතරයක් වූ අතිශය රැඩිකල් මූලධාර්මික අයි.එස් අන්තවාදයේ දරුණු ක්‍රියා හේතුවෙන්, බිලියනයකට වඩා අනුගාමිකයන් සිටින සමස්ත ආගමික කණ්ඩායමක්ම භයානක යැයි ලේබල් කිරීම තව දුරටත් ව්‍යසනකාරිය.

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුව හිට්ලර්ට හා /හෝ නාසීන් සමඟ සංසන්දනය කිරීම වැඩියෙන් උලුප්පා දැක්වීමක් ලෙසත්, අතිශයෝක්තියෙන් යුක්ත බවත් මම සිතමි. නමුත් අද මට එය එසේ නොදැනෙමි.මාධ්‍ය බක පණ්ඩිතයන් , දේශපාලන නායකයින් සහ සාමාන්‍ය මිනිසුන්  මුස්ලිම්වරුන් ගැන කර ඇති මා දුටු සමහර ප්‍රකාශ යුදෙව්- විරෝධී නාසි වාචාල කතා හා සම බිය උපදවන අයුරින්ම ප්‍රතිරාවය කරනු පෙනේ.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු මිත්‍ර පාක්ෂිකයින් විසින් අල්ලාගෙන නඩු විභාගයට භාජනය කරන ලද නාට්සිවරුන්ගේ ඉහලම නිල තල හෙඹ වූවකු වන, මෙම පහත රූපයේ  උපුටා දක්වා ඇති ප්‍රකාශය කොට ඇති හිට්ලර්ගේ දකුණු පසින් සිටින  හර්මන් ගොරිං,  නියුරම්බර්ග් විනිශ්චය සභාව විසින් “යුද අපරාධ”, “සාමයට එරෙහි අපරාධ” සහ “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” යන චෝදනා මත ඔහු වැරදිකරු කොට  මරණ දණ්ඩනය නියම වූවෙකි.

ඉහත උපුටා ගැනීම සුප්‍රසිද්ධ මනෝ විද්‍යාඥයකු හා ඔහු සමඟ කළ පෞද්ගලික සංවාදයක ප්‍රකාශිත වාර්තාවක එන්නක් වන අතර එහි දී  “නායකයින්ගේ ලංසු තැබීම් සඳහා මහජනයා  සැමවිටම ගෙන යා හැකි බව  ” ගෝරිං පැහැදිලි කොට තිබේ.

අප මතක තබා ගත යුතුයි , හිට්ලර් සහ නාසීන් යුදෙව්වන් මිලියන ගණනක් අල්ලා සමූල ඝාතනය කළේ විෂ වායු වලින් නොවන බව

සමුල ඝාතනය  (හොලොකෝස්ට්) සැබවින්ම ආරම්භ වූයේ වචන වලිනි. එය ඇරඹෙන්නේ හිට්ලර් සහ නාසීන් පැවති යුදෙව්-විරෝධී මනෝභාවය අතකොළුවක් බවට පත් කර ගනිමින් භීතිය හා අගතිය ඇවිස්සීමත්, යුදෙව් ජනතාව පිළිබඳව ව්‍යාජ සහ / හෝ නොමඟ යවන තොරතුරු (ප්‍රචාරයන්) (propaganda) පතුරුවා හැරීමෙනුත්ය . ඔවුන් ජර්මානුවන්ගේ දේශප්‍රේමී හැඟීම මත  සෙල්ලම් කළ  අතර, ඔවුන්ගේ බිය සහ ධර්මිෂ්ඨ බව පිලිබඳ හැඟීම සුරාකමින් , යුදෙව්වන් නිල වශයෙන් හඳුනා  ගැනීම සහ ආරක්ෂාවේ නාමයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ නිදහස කප්පාදු කිරීම ලෝකයේ ඒ මොහොතේ කළ යුතු  වඩාත්ම තාර්කික හා සාධාරණ දෙය ලෙස ඔවුනට හැඟෙන ලෙස කටයුතු කළහ.

ඉතා සාර්ථක ලෙස යුදෙව්වන්ට හිංසා පීඩා කිරීම සහ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට  සමත් වූ ඔවුන් අන්‍යන්ට පවා එය පිළිගැනීමට පෙළඹ වුවා  පමණක් නොව යුදෙව්වන් පැහැදිලිවම ජර්මානු ජීවන රටාවට අනතුරක් විය හැකි බැවින් එය අත්‍යාවශ්‍යම දෙයක් බවට ඔවුන් වෙත ඒත්තු ගන්වන තැනට ද  පත්විය.

එය දීර්ඝ කාලීන සෙල්ලමකි.  හිට්ලර්, තමන්ගේ  ප්‍රේක්ෂකයන් මත පදනම්ව තම යුදෙව් -විරෝධය වසර ගණනාවක් තිස්සේ ඉහළට, පහළට රඟ පාමින් ගෙන ගියේය.

වසර ගණනාවක් තිස්සේ අගතියෙන්, බියෙන් පෙලී ගිය තම ජනතාවගේ මනුෂ්‍යත්වය පහත හෙලීමට හෙතෙම සමත් විය. ඔහු එම අගතීන් සමාජයේ මුල් බැස්ස වීමට ඇති තරම් කාලය මැනවින් ලබා දුන්නේ  යුදෙව්වන්ට දොස් පවරමින් මතාභේදයකට ලක් කළ හැකි  සියලු ආකාරයේ ආර්ථික, සමාජීය හා දේශපාලන අමුද්‍රව්‍ය හා සරු පස සකස් කරගනිමිනි.

වසර ගණනාවක් පුරා කළ පුනරුච්ජාරණයන් සහ ප්‍රචාරයන් (propaganda) හරහා  විශාල වශයෙන් සුරක්ෂිත භාවය සහ ආරක්ෂාවේ නාමයෙන් යුදෙව්වන් වෙනස්  කොට සැලකීම්වලට  සහ පීඩාවන්ට ගොදුරු කරන ලදී.

පස්සේ ඔවුන් සිර ගත කිරීමි ….

ඊටත් පස්සේ  ගෑස් කුටීරයන්….

සාමාන්‍යයෙන් එවැනි දේවලින් තැති ගන්නා යහපත් මිනිසුන් පවා එය සිදුවීමට ඉඩ හැර ඔහේ බලා සිටියහ.  බිය ඉපදවීමෙන් හා  සහ ප්‍රචාරන්ගෙන් (propaganda ) මඟින් නියත වශයෙන්ම සිදු කරන්නේ  එයයි. ඒ නිසයි අපි සියලු දෙනාම එය දකින විටම හඳුනා ගත යුතු වන්නේ.

ඔබ ඉස්ලාම් දහම පිළිබඳ තොරතුරු ලබාගන්නේ  ඉස්ලාමීය -විරෝධී (Anti-Islamic) වෙබ් අඩවි වලින් හෝ ප්‍රභවයන්ගෙන් නම්, නැත්නම්  සංක්‍රමණිකයන් හෝ සරණාගතයින් පිළිබඳ තොරතුරු ලබාගන්නේ  ආගමන විරෝධී (Anti- immigration)  වෙබ් අඩවි හෝ ප්‍රභවයන්ගෙන්  නම්, විනාඩියකට විරාමයක් ගන්න, නැවත  සිතන්න.

ඔබ කිතුනුවකු නම්, ක්‍රිස්තියානි ධර්මය යනු කුමක්දැයි දැන ගැනීමට ඔබ යමෙකු ක්‍රිස්තියානි විරෝධී (Anti- Christian)  වෙබ් අඩවියකට යවනවාද? යුදෙව් ආගම ගැන දැන ගැනීමට ඔබ යමෙකු යුදෙව් විරෝධී වෙබ් අඩවියකට යවනවාද?

මට පහසුවෙන් බයිබලයෙන් ශුද්ධ ලියවිලි, පුරාවෘත්ත ; වෛරී සහ අන්තවාදී  ක්‍රිස්තියානි ත්‍රස්ත කණ්ඩායම්වල ක්‍රියා සමඟ (ඔව්, එසේ කණ්ඩායම්  පවතී – ගූගල් කර බලන්න ) හෝ පුද්ගලයන්ගේ ප්‍රචණ්ඩත්වය සමඟ සහ සම්බන්ධ කර, කිතුනුවන්ට මේ ලෝකය යටත් කර ගැනීමට ඕනෑ බවට පෙනෙනා අකාරයේ වෙබ් අඩවියක් පහසුවෙන්ම නිර්මාණය කළ කොට  කාමමිථ්‍යාචාරය කරන්නන් ඝාතනය  කිරීම, කාන්තාවන් යටත් කර ගැනීම, අකීකරු දරුවන්ට ගල් ගැසීම සහ ඔවුන්ගේ විශ්වාසයන් පිළිගැනීමට සෑම කෙනෙකුටම බල කිරීම යන ඒවා කළ යුතුයි යනුවෙන් දැක්විය හැකිය. ආගම ගැන මා සැබවින්ම දැන සිටියේ අන්තවාදී කණ්ඩායම් සහ පුද්ගලයින්ගෙන් මා දකින ප්‍රචණ්ඩත්වය ලෙස නම්, එම වෙබ් අඩවිය ක්‍රිස්තියානි ධර්මය ගැන ඉගෙන ගැනීමට නිවැරදි ස්ථානයක් වේවිද?

කිසිසේත්ම එය එසේ නොවේ. එය නරකම ආකාරයේ ප්‍රචාරයක් (Propaganda)  වන අතර බොහෝ කිතුනුවන් විශ්වාස කරන දේ පිළිබඳ මුළුමනින්ම ව්‍යාජ චිත්‍රයක් එමඟින් කෙනෙකු තුළ  චිත්‍රණය කරනු ඇත. නමුත් ඉස්ලාමය පිළිබඳව මිනිසුන් දැනුවත් කරන බව කියා සිටින බොහෝ වෙබ් අඩවි මිනිසුන් තල්ලු කරන්නේ ඒ වෙතය. එහෙත් බොහෝ දෙනෙක් එය වටහා නොගනිමින් සිටියි.

අපි ඉතිහාසය අධ්‍යනය කළ යුත්තේ එහෙයිනි. මීට පෙර මේවා  මේ අයුරින්ම අප දැක ඇත්තෙමු.මානව ඉතිහාසයේ අතිශය කුරිරු කතාංගයක් රඟපෑ ආකාරය පිලිබඳ තොරතුරු අප සතුව ඕනෑ තරම් තිබේ. නැවත එවැන්නක ආරම්භයට තුඩු දෙන්නක් හා සමඟ ආලවන්ත හැඟීමක් වත්  නොපා සිටීමට  තරම් වන  හෘද සාක්ෂියක් අපට ඇතැයි මම සිතමි.