සිංහල, Governance, Human Rights, Moneragala

ගොවිබිම් ඉල්ලා ඇතිමලේ උද්ඝෝෂණ

ආරක්ෂාක හේතූන් මත යැයි පවසමින් තම පාාරම්පරික ගොවිබම් වල වගාකටයුතු වලින් ඉවත් වන්නැයි පොලීසිය කල නියෝගයට විරෝධය පාමින් මොණරාගල ඇතිමලේ 70 හන්දිය ප්‍රදේශයෙදි අද (16) ගොවි උද්ඝෝෂණයක් පැවැත්වූනා. ටයර් පුළුස්සා මාර්ගය හරහා දමා මාර්ගය අවහිර කළ උද්ඝෝෂකයෝ පැය තුනකට අධික කාලයක් පුරා උදඝෝෂණයේ යෙදුන අතර පසුව ඔවුන් පෙළපාලියකින් ඇතිමලේ පොලිස් ස්ථානය වෙත ගමන් කළහ. මෙම උද්ඝෝෂණයට ප්‍රදේශයේ ගොවීහු 100-150 ක පමණ පිරිසක් සහභාගීවුහ.
පසුගිය දා ඇතිමලේ ප්‍රදේශයේ දී පුද්ගලයන් 7 දෙනෙකු කැලය තුල මරාදැමීමේන් පසු දකුණු ප්‍රදේශය භාර හමුදා අඥාපතිවරයා හා ගොවීන් අතර ඇති කරගත් එකඟතාවයකින් පසුව කැළය මායිමේ සීමාවක් ලකුණු කොට ඉන් ඔබ්බෙහි ගොවිතැන් කිරීම නවතා දමන ලදි. එහෙත් පසුගිය සතියේ එහි පැමිණි මොණරාගල පොලිස් අධිකාරී අමරසිරි සේනාරත්න මහතා ආරක්ෂාව දිය නොහැකි බව පවසා එම මායිම තවත් කිලෝමීටර් පහක් පමණ මෙපිටට ගැනිම නිසා වසර විස්සක තිහක පමණ කාලයක් තිස්සෙ ගොවිතැන් කල සිය පාරම්පරික ඉඩම් වල වගාකටයුතු සිදුකිරීමට තමන්ට නොහැකි වන බව උද්ඝෝෂණයට සහභාගී වූ ගොවීහු පැවසූහ. ලබන සෙනසුරාදා අදාල ප්‍රදේශයට ගොස් මායිම් නැවත සකස් කරන බවට පොලීසිය පොරොන්දු වීමේන් පසු උද්ඝෝෂණය නතර කිරීමට ගොවීහු එකඟ විය.