සිංහල, Health, Life quips, Puttalam

පුත්තලම කලපු තීරය විනාශයි…….

පුත්තලම නගරයේ මාළු සහ මස් වෙළඳ සැල් පවත්වාගෙන යනු ලබන්නේ පුත්තලම් කළපුව වෙරළ තීරයට යාබදවය. මේ වෙළඳ සැල් සියල්ලන්ගේම ඉවත ලන අපද්‍රව්‍ය පසුපස ඇති කළපූ වෙරළ තීරයට මුදාහරින බව අප හට පෙනී ගිය කරුණකි. මේ සඳහා පැහැදිළි සාක්‍ෂි ඉදිරිපත් කෙරෙන වර්ණ ඡායාරූප දෙකක් ඉහත දැක්වේ. මරන ලද කුකුලන්, හරකුන් වැනි සතුන්ගේ සහ මත්සයින්ගේ ඉවතලන බොහෝ අපද්‍රව්‍ය මෙහිදි අපට දැක ගත හැකි විය. ඈත දියඹේ සිට ඇදි එන සිසිල් සුළඟ මේ ස්ථානය පසුකරන්නේ ඉවසිය නොහැකි දුර්ගන්ධය ද සමගිනි.

මෙම කළපුව ධීවර කර්මාන්තයට ඉමහත් දායකත්වයක් ලබාදෙන අතර මෙයින් රැකෙන පවුල් සංඛ්‍යාව ද විශාල වේ. ස්භාව සෞන්දර්යයෙන්ද අනූන මේ කළපුව රැක ගැනීම ජාතික යුතුලමක් සේ සැලකිය යුතුය. දැනට මිහිපිට අපායක සිරි ගන්නා මේ කළපු තීරය ආරක්‍ෂා කිරීමට හා මෙලෙස අපද්‍රව්‍ය මුදා හරිණු ලබන පිරිස් නීතිය ඉදිරියට ගෙන ඒම අගකිව යුතු ජනතා නියෝජිතයින්ගේ අතපසු නොකළ යුතු කාර්යභාරයක් පව පෙන්වා දිය යුතුය.

එච්. ජේ. සම්පත්